BREAKING NEWS
Search

වෙරළතිරයේ පෙම් සුව විදි ගාල්ලේ පෙම්වතාට වූ අකරතැබ්බය

319

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගාල්ල, මහමෝදර වෙරළතිරයේ පෙම්වතිය සමග  සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය ඊයේ දහවල්  කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.

20 හැවිරිදිවියේ පසුවන  පෙම්වතා ගාල්ල මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු ඊයේ දහවල් තම සහෝදරයාට අයත් යතුරුපැදියෙන් පෙම්වතිය සමග ගාල්ල මහමෝදර මුහුදුතිරය අසලට පැමිණ ඇත.

යතුරුපැදියේ හැඩලයද ලොක් කර එහි නතරකොට පෙම්වතිය සමග වෙරළ තිරයේ ඇවිදිමට ගොස් ඇත. පස්වරු 1.00ට පමණ යතුරුපැදිය තිබු ස්ථානයට පැමිණ පරික්ෂාකිරිමේ දි යතුරුපැදිය එහි තිබි  නැත.

2019 වර්ෂයේ දි අලුතින්ම මිලදිගෙන ඇති මෙම යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ  06ක් පමණ වන බව පෙම්වතා ගාල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

මෙ පිළිබද ගාල්ල මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් පරික්ෂණ පවත්වනු ලබනවා.

Source: Nethgossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *