කාජල් කියන්නේ බොලිවුඩ්වල සිටින අති දැවැන්ත ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. මීට වසර ගණනාවක සිටම bollywoodවල වගේම මුළු ලෝකය පුරාවටම ඉතාමත් ජනප්‍රිය වුණ ඇය වඩාත්ම ජනප්‍රිය වුණේ ශාරුක් ඛාන්ගේ පෙම්වතියගෙ චරිත රඟදක්වන චිත්‍රපට තුළින්.
මේ වන විට ඇය දිනා සිටින ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වය මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම්. මේ අපූරු සුන්දර නිලියගේ ආදරණීය සැමියා වෙන්නෙත් බොලිවුඩයේ සුපිරි තරුවක් වෙන අජේ දේව්ගන්.
ඇය ආදරණීය බිරිඳක් වගේම සුන්දර දරුවන් දෙදෙනෙකුගේ මවක් වශයෙන් ද කටයුතු කරනවා. ඒ වගේම ඇය එදා වගෙම අදටත් තමන්ගේ රූපශ්‍රීය ඉතාමත් හොඳින් පවත්වාගෙන යනවා. ඇගේ විලාසිතා බොලිවුඩයේ පමණක් නොව ලෝකයේම ඇගේ ප්‍රේක්ෂකයන් අතර නිතර අවදානයට ලක්වෙනවා.
ඊයේ ඇය කහ පැහැති සාරියකින් සැරසී ගත් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පල කරලා තිබුණා. ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට ඒ සඳහා ප්‍රතිචාර ගොඩක් ලැබිලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…