ගල් කැටයක් වැදීමත් සමඟ වහාම ක්‍රියාත්මක වී දරු දෙදෙනාද රැගෙන නිවසින් පිටතට පැන දිවි බේරාගත් පවුල

1078

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සිදුවන්නට ගිය බිහිසුණු ඛේදවාචකයකින් දිවි ගලවාගත් පවුලක් පිළිබඳව තොරතුරක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පාදුක්ක වටරැක දේවාල පාර ප්‍රදේශයෙනි.

එම ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට ඊයේ රාත්‍රියේ අනාරක්ෂිත ලෙස ඉදිකර තිබූ බැම්මක් කඩා වැටී ඇති අතර ඒ මොහොතේ නිවසේ හිමිකරු සහ දරුවන් දෙදෙනා නිවස තුළ නිදා සිට ඇත.

කෙසේ වෙතත් කඩා වැටී ඇති බිත්තිය අසළ නිදා සිටි නිවසේ හිමිකරුගේ පාදයේ ගල් කැටයක් වැදීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ එම පුද්ගලයා දරු දෙදෙනාද රැගෙන නිවසින් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්වූ බව ඔහු පවසයි.

අධික වර්ෂාවත් සමඟ නිවස මතට මෙලෙස කඩා වැටී ඇත්තේ අනාරක්ෂිත ලෙස ඉදිකරන ලද බැම්මක් බවට නිවෙස් හිමියන් චෝදනා කර සිටී.

Source:Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *