BREAKING NEWS
Search

නවසීලන්තයේ දී පිදුම් ලැබූ ලාංකික වෛද්‍යවරයා

131

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන අශෝක ඩයස් මහතා බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් පිරිනමන සේවා පදක්කමකින් පිදුම් ලබා තිබේ.

ඒ, සෞඛ්‍ය සේවාව සහ ශ්‍රී ලාංකික ප්‍රජාව උදෙසා සිදුකළ විශිෂ්ට සේවාව අගයමිනි.

නවසීලන්තයේ පදිංචිව සිටින වෛද්‍ය අශෝක ඩයස් මහතා වෙත සම්මානය ප්‍රදානය කරනු ලැබුවේ නවසීලන්ත ආණ්ඩුකාරවරිය වන සින්ඩි කයිරෝ මහත්මිය අතිනි.

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට මෙන්ම මෙරට පුරවැසියන් වෙනුවෙන් කළ මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කෙරුණි.

ජනතාවගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය ඉහළ නැවීම වෙනුවෙන් වෛද්‍ය අශෝක ඩයස් මහතා සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ.

එමෙන්ම කොවිඩ් – 19 වසංගත සමයේ ඉහළ ප්‍රවාහයක් සහිත ඔක්සිජන් ජනක යන්ත්‍ර ශ්‍රී ලංකාවට සැපයීමට ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ රෝහල් වෙත ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළක් ද වෛද්‍ය අශෝක ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරේ.

Source:Adaderana



Leave a Reply

Your email address will not be published. Required fields are marked *