BREAKING NEWS
Search

ඇන්ටි කෙනෙක් බැන්දේ ඇයි කියලා මිනිස්සු දිනේෂ්ගෙන් අහනවා දිනේෂ් තරංගගේ බිරිඳ පැවසූ කතාව

267

‘මා නුඹට පෙම් කළේ’ කියන එකම එක ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟී ඒ ආදරණීය ගායන ශිල්පියා, එක රැයින් රසික හදවත් සොරාගත්තා.

අනතුරුව ප්‍රසංග වේදිකාවේ පවා නිරන්තර දකින චරිතයක් බවට පත් වූ ඔහු නමින් දිනේෂ් තරංග යි. මේ වන විට ක්ෂේත්‍රයේ නිහතමානී ශිල්පියෙක් ලෙස නම දිනා සිටින දිනේෂ්ගේ ආදර කතාවත් බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වන දෙයක්.

එහෙම වුණත්, තමන්ට එල්ලවන චෝදනා හෝ විවේචන තඹේකට මායිම් නොකරන දිනේෂ් ඔහුගේ ආදර කතාව මහා ඉහළින් වර්ණනා කරන කෙනෙක්. පසුගිය දවසක නාලිකාවක වැඩසටහනක් සමඟ එක්වුණු දිනේෂ් සහ බිරිද එකතු වී තිබුනා. එහිදී දිනේෂ්ගේ බිරිද ඔවුන්ගේ ආදරය  ගැන මතක අවදි කර තිබුණෙ මෙන්න මෙහෙමයි..

මේ මගේ පලවෙනි රුපවාහිනී වැඩසටහන. දිනේෂ් කියන්නේ ජීවිතේට ඇතුවත් බැරි නැතුවත් බැරි කෙනෙක්. අවුරුදු 12 එකට. අපි දෙන්නගේ වගේ ආදර කතාවල් මිනිස්සුන්ට අරුමයක් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා. මොකද හරියට කතාබහට කල්වෙනවා. ඒකෙ අමාරු කම නෙමේ මිනිස්සු දකින්නේ එලියට තියන දේ. අපි දෙන්නගේ ඒජ් ගැප් එක අවුරුදු 9ක්. මම ඒක කියන්න කොයි වෙලාවකවත් පැකිලෙන්නේ නෑ. එක පාරට මිනිස්සු අහන දෙයක් තමයි ඇයි ඇන්ටි කෙනෙක්ව බැන්දේ කියලා. මම බදිනකොට මට 29. මම එතකොටනම් ඇන්ටි කෙනෙක් නෙමේ මම හිතන්නේ. අවුරුදු ගානකට පස්සේ තමයි මාව මිනිස්සු දකින්නේ අපි දෙන්නගේ 10 වෙනි විවාහ සංවත්සරය අපි දෙන්නා කරපු සින්දුවෙන් තමයි මාව එලියට අවේ. අපි දෙන්නා පල්ලියෙන් හම්බ වුනේ. චර්ච් කොයාර් එකේ අපි දෙන්නා එකට හිටියේ. මිනිස්සු හැමෝගෙම ජිවිත එක පාරටම පර්ෆෙක්ට් වෙන්නේ නෑ. සමහර ඒවා ඉක්මනටම වෙනවා. සමහර ඒවා පහුවෙලා වෙනවා. ගැනු කෙනෙක් සාමන්යෙන් රිස්ක් එකක් ගන්නේ නෑ ජිවිතයේ තමන්ගේ දේවල් වලට. මම රිස්ක් එකක් ගත්තා. ඒක වැරදිලා නෑ. මේ දෙසැම්බර් වලට අපි දෙන්නා මැරී කරලා අවුරුදු 12. ඕක තමයි අපේ ආදර කතාව. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දිනේෂ් තමයි ලොකු ළමයා. සමහරු කියනකොට අම්මා වගේ කියලා මම ඒක සතුටින් බාරගන්නවා. ඔව් මම එයාගේ අම්මා තමයි. ඒක වෙන්න ඇති මගේ රෝල් එක. 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *