BREAKING NEWS
Search

රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු සැප රිය -CCTV

1272

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අද (04) අලුයම 5.30ට පමණ මිරිහාන දෙස සිට පිටකෝට්ටේ දෙසට ධාවනය කළ අධිසුඛෝපභෝගී ජීප් රථයක් කෝට්ටේ ශ්‍රී නාගවිහාරය ආසන්නයේ දී අනතුරට පත් වී ඇත.

රියැදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිව ශ්‍රී නාගවිහාරය, නිවසක තාප්පයක ඇතුළු ස්ථාන කිහිපයක රථය ගැටී තිබේ.

එම අනතුරෙන් කෝට්ටේ නාගවිහාරයේ තාප්පයට හා තවත් වෙළෙඳ සැලකට හානි සිදු වී ඇත.

එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂික කැමරා කිහිපයක සටහන් වී තිබුණි.

සුඛෝපභෝගී ජීප් රථයේ රියදුරු මිරිහාන පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

Source:Adaderana 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *