BREAKING NEWS
Search

මාළු පාන් හදද්දී කරපිංචා වෙනුවට කොහොඹ කොළ දාලා

169

දකුණු පළාතේ උපනගරයක වූ සුළු පරිමාණ බේකරියකි. එය වඩාත් ප්‍රසිද්ධ වූයේ ඉතා රසවත්ව හදන මාළු පාන් නිසාය. එහෙත් පසුගිය දා මාළු පාන් මිලයට ගත් බොහෝ දෙනකු ඒවා තද තිත්ත බව පවසමින් ආපසු ගෙනා අතර බේකරි හිමියා ද එය හපා බැලු අතර තද තිස්ස රස බව දැන සේවකයන් සමඟ ඊට හේතු සොයා බැලුවේය.

මෙය ඇසු බේකරි හිමියාගේ බිරිය බේකරියේ කෑම සඳහා වූ අමුද්‍රව්‍ය ගබඩා කරන ශීත කරණය අසලට ගියේ සැකයෙනි. තම වැඩිමහල් පුතා වෙලාවක් ආවේලාවක් නොබලා තම මව් කිරි බීමේ කරදරයෙන් මිදීමට ඇය තම පියයුරුවල කොහොඹ කොළ දියර ආලේප කිරීමට ගෙනා කොහොඹ කොළ රහසේ දමා තිබුණේ ද මේ ශීතකරණයේය. මුදලාලිගේ ගෝලයෝ මාළු පාන් රස කිරීමට ගෙනා කරපිංචා කොළ ද තිබුණේ එහිමය.

එදා උදෑසන නිදිමතේ කරපිංචා කොළ වෙනුවට කොහොඹ කොළ දමා ඇති බව සිහිපත් වීමෙන් ඇයට දෙවියන් සිහි වුවත් මේ චෝදනාවෙන් ගැලවීමට සිතු ඇය ඉතිරිව තිබූ කොහොඹ කොළ අතු කීපයක් රැගෙන විත් එළියට විසිකොට කිසිත් නොදන්නා ලෙස සිටියාලු.

තිහගොඩ උපසේන ලියනගම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *