මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍යයින් තොගයක් ජනතාව වෙත මුදාහැරීමේ කූට ජාවාරමක් ක්‍රියාත්මක වනවා.
දියර පොහොර සඳහා බව පවසමින් වරායෙන් මුදාගන්නා මෙම මත්ස්‍ය ජාවාරමේ සුල මුල සොයාගන්නට හිරු සී.අයි.ඒ. සමත් වුණා.
මීට මාස ගණනකට පෙර මසුන් අඩංගු බහාලුම් 98 කට අධික ප්‍රමාණයක් රැගත් විදෙස් රටකට අයත් නෞකාවක් කොළඹ වරායට රැගෙනවිත් තිබුනේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.
එහිදී අදාල බහාලුම්වල තිබු මසුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු වූ බැවින් අදාළ බහාලුම් වරායේ ගබඩා කිරීමටයි කටයුතු කර තිබුණේ.
සැමන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙරට පුද්ගලයෙකු අදාල නැව් සමාගමෙන් මෙම බහාලුම්වල අඩංගු මසුන් මිලදී ගැනීමට කටයුතු කර තිබුනේ අදාල මසුන්ගෙන් දියර පොහොර සාදන බව පවසමින්.
කෙසේ වෙතත් පාරිභෝජනයට නුසුදුසු මසුන් යළි සැමන් හා කරවල සඳහා යොදා ගන්නා බවට මතු වු සැකයක් මත පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ලේකම් ජයන්ත කුරේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
පසුගියදා මිනිස් පාරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කිලෝ 30,000 කට අධික තොගයක් මීගමුව හා සීදුව ප්‍රදේශයෙන් සොයා ගැනුනේ ඒ අතරතුරයි.
මේ අතර පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේදී රේගු නිලධාරීන්ගේ ද අධීක්ෂණය යටතේ මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය තොගයක් දියර පොහොර
නිෂ්පාදනයට යොදා ගන්නා බවට හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු හෙළි වුණා.
අප රහසිගතව කළ සොයාබැලීමේදී හෙළිවුයේ එලෙස බහාලුම් රථවලින් ඉවතට ගන්නා මිනිස් පාරිභෝජනයට නුසුදුසු ඇතැම් මසුන් තොග වෙනත් ලොරි රථවලින් එම ස්ථානයෙන් පිටත් කර හරින බවයි.
අප මේ පිළිබඳව අදාල ස්ථානයේ අධීක්ෂණයේ සිටි රේගු නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කළේ කිසිසේත් මෙම ස්ථානයෙන් දියර පොහොර නිෂ්පාදනයට හැරුණු විට මසුන් අඩංගු ලොරි රථ පිටත් කර හැරීමක් නොකරන බවයි.
කෙසේ වෙතත් මෙම ස්ථානයෙන් පටවාගත් මසුන් තොග රැගෙනයද්දී හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු මත කොච්චිකඩේ පොලිසියේ නිලධාරීන් කොච්චිකඩේ තෝප්පුව පාලම අසලදී අදාල රථ නවතා පරීක්ෂා කර තිබෙනවා.
අදාල ලොරි රථයේ පමණක් මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කිලෝග්‍රෑම් 5670 ක් ගබඩා කර තිබියදී පොලිසිය භාරයට ගැනුනා.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ පාරිභෝජනයට නුසුදුසු මෙම මත්ස්‍ය තොගය කිලෝවක් රුපියල් 600 බැගින් මිලදී ගෙන මීගමුව ප්‍රදේශයට රැගෙන විත් ඇති බවයි.
මේ අතර අදාල පුවත සොයාබැලීමට ගිය හිරු සී.අයි.ඒ.කණ්ඩායමේ සාමාජිකයෙකු ඇමතූ දියර පොහොර නිෂ්පාදන ආයතනයේ අයෙක් දුරකථන ඇමතුමක් ලබාදුන්නේ ප්‍රශ්නය යට ගැසීමේ අපේක්ෂාවෙන්.
මං ඔතනට ඇවිල්ලා යන්නද කමක් නැද්ද විනාඩියකට ඇයි ?
මං බැලුවෙ ඔයාව හම්බවෙලා සපෝට් එකක් දීලා ඕක කථාකරගන්න කියල ..
මිනිස් පාරිභෝජනයට නුසුදුසු මත්ස්‍යයින් යළි සමාජය වෙත මුදාහැරීමේ මේ කූට ජාවාරම යට ගැසීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙන් අප සුදානම් නොමැති බව රට හමුවේ අප අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරනවා.
එසේම රේගු නිලධාරීන් ඉදිරියේම සිදුවන මෙම ජාවාරමට රටේ නීතිය ක්‍රියාත්මක කරනා බලධාරීන් ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේදැයි රට හමුවේ හෙළි කිරීමටත් හිරු සී.අයි.ඒ. පසුබට වන්නේ නැහැ.
Source : Hirunews



















