ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම තරුණ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන වැඩ කොටසක් කළ ඔහු ඔබ කවුරුත් හ¾දුනන මේනක රාජපක්ෂයි. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මීනු ටෙලිනාට්‍යයේ සමල්ගේ චරිතය තුළින් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගැනීමට සමත් වූ ඔහුගෙන් අලුත් තොරතුරු විමසන්නට හදගැස්ම අපි ඔහුව අපේ කතාබහට සම්බන්ධ කරගත්තා.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
ටෙලිනාට්‍යවල වැඩ කටයුතු සහ පවුලේ වැඩත් සමඟ මේ දවස්වල ජීවිතේ තරමක් කාර්යබහුලයි.
ළඟදිම පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වෙන බව ආරංචියි?
ඔව්. අපේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වෙන්න යනවා නොවැම්බර් මාසයේදී. අපේ දුව මේලිටත් එළැඹෙන දෙසැම්බර් මාසය වන විට අවුරුදු දෙකක් වෙනවා. ඉතින් අපි අලුත් සාමාජිකයා පිළිගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ දිනවල කෙරෙන නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
ස්වාධීන රූපවාහිනියේ මීනු ටෙලිනාට්‍ය වගේම හිරු නාළිකාවේ ළංවී ටෙලිනාට්‍ය සහ රැල්ල වෙරළට ආදරෙයි කියන ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශය වෙනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ මීනු යන වෙලාවටම සැප්තැම්බර් සිට තිරය ඇරපන් ටෙලිනාට්‍ය විකාශය වීමට නියමිතයි. ඒ වගේම ප්‍රදීප් ධර්මදාස මහත්මයාගේ ටෙලිනාට්‍යයකටත් සම්බන්ධ වුණා. එයත් ළඟදීම විකාශය වෙයි.
සමාජයේ නිතර අත්දකින්නට ලැබෙන කතා තේමාවක් පාදක වන මීනු ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන විධියට කොටස් 30ක් පමණ ට්‍රෙන්ඩින් වුණා. මීනු කියන්නේ කාලීන කතා තේමාවක් වටා ගෙතෙන ටෙලිනාට්‍යයක්. දික්කසාද වීම, නැවත විවාහ වීම සමාජයේ බොහෝ දෙනෙක් මුහුණදෙන දෙයක්. නමුත් ප්‍රසිද්ධ කෙනෙක් එවැනි තීරණයකට එළැඹුණොත් පමණයි අපි ඒ ගැන කතා කරන්නේ.
මේ කතාව ඔබේ ජීවිතයට සමීපයි කියලත් බොහෝදෙනෙක් පැවැසුවා?
ඔව්. බොහෝ අය සිතුවා මේක මගේ ජීවිත කතාව කියලා. නමුත් එය සත්‍යයක් නොවෙයි. මේකේ නිදන් කතාවක් තිබෙනවා. නමුත් ඒ අයගේ පෞද්ගලිකත්වයට ගරුකරන්න ඕනෑ නිසා ඒ ගැන හෙළි කරන්න බැහැ. මේ කතාවේ අවසානය වන විට සහ මේ දවස්වල විකාශය වන කොටස් අනුව ප්‍රේක්ෂකයන්ට වැටහෙනවා ඇති මේක මගේ කතාවක් නොවෙයි කියලා.
ජනප්‍රිය පුද්ගලයකු වීමත් සමඟ පෞද්ගලිකත්වය වැඩි වශයෙන් සමාජයට නිරාවරණය වනවා සහ විවේචනයට ලක් වනවා. ඔබ ජීවිතයේ කොපමණ ඉදිරියට ගොස් සාර්ථකව සිටියත් තවමත් මිනිසුන් ඔබේ අතීතය ගැන කතා කරනවා?
ඔව්. මම හිතන්නේ ඒක මේ පැකේජ් එකත් එක්කම එන දෙයක්. පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එවැනි තීරණයක් ගත්තා. ඔහු මේ දිනවල රූපවාහිනියේ පෙනෙන්නට නොසිටින නිසා ඒ ගැන වැඩි කතාබහක් ඇතිවුණේ නැහැ. ඒ වගේ තමයි මම පියකුගේ චරිතය කරන පළමුවැනි වතාව මේක නොවෙයි. මම 2015 පමණ සිට පියවරුන්ගේ චරිත කළා. මම සමාජයට උදවු කරන හොඳ චරිතයක් කළොත් ආ මේ මේනකගේ ඇත්ත ජීවිත කතාව කියලා කියන්නෙ නැහැනේ. හැබැයි අපි ගත්ත තීරණයකට සමාන දෙයක් කළොත් ඒක කතාබහට ලක්වෙනවා. ඒක ප්‍රේක්ෂකයන්ගේ ස්වභාවය. එය වැරැදියි කියන්න බැහැ. ඇතැම් විට මමත් ප්‍රේක්ෂකයෙක් වුණොත් ඒ විධියට දකින්න පුළුවන්.
අධ්‍යක්ෂණ කටයුතු ගැන කතා කළොත්?
දයාන් හෙට්ටිආරච්චි තිර රචනය කළ, බොස්ටන් ලංකා ආයතනය නිෂ්පාදනය කරන අහස් කියන ටෙලිනාට්‍යයේ පසු නිෂ්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් තිබෙනවා. ඉදිරියේදී එය විකාශය කරන්න හැකි වෙයි.
රංගන ශිල්පියෙක් වීම තුළ අධ්‍යක්ෂ භූමිකාව සාර්ථක කර ගන්න වැඩි ඉඩකඩක් තිබෙනවාද?
සෑම රංගන ශිල්පියකුටම අධ්‍යක්ෂණ හැකියාව තිබෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මගේ මුල් කාලයේ එනම් අවුරුදු 20දී පමණ අධ්‍යයනය කළේ අධ්‍යක්ෂණය සම්බන්ධව. නමුත් මම රංගනයට තමයි යොමු වුණේ. මම වඩාත් කැමැති අධ්‍යක්ෂණයට. නමුත් අධ්‍යක්ෂණයට පිවිසෙන්න මට අවුරුදු 16ක් පමණ ගත වුණා. නළුවකුට අධ්‍යක්ෂණය පිළිබඳ යම් අධ්‍යයනයක් තිබෙනවා. නළුවෙක් වීම තුළ අධ්‍යක්ෂණය සාර්ථක කරගන්න යම් වාසියක් තිබෙනවා කිව්වොත් නිවැරැදියි මම සිතන්නේ.
වර්තමානයේ ක්ෂේත්‍රයට බොහෝමයක් නවකයන් පිවිසෙනවා. නමුත් ඔවුන් වැඩිකල් ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ නැහැ. ඇයි ඒ?
නිර්මාණයක් කරන විට අලුත් මුහුණු යොදා ගන්න අපි කැමැතියි. අලුත් අයට අතහිත දෙන්න කැමැතියි. ඇතැම් නවකයන් දුටු විට පෙනෙනවා ඔවුන් වැඩි කල් රැඳී සිටින්නේ නැහැ. ප්‍රසිද්ධිය ලබා ගැනීම පමණයි ඔළුවේ තිබෙන්නේ කියලා. නමුත් අපේ පරම්පරාවට වඩා දක්ෂයන් පිරිසකුත් අද සිටිනවා. අපි ඒ කාලයේ ගනුදෙනු කළේ අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා සමඟ. නමුත් අද පරම්පරාවට බොහෝවිට ගනුදෙනු කරන්න සිදුවන්නේ නාළිකා සමඟයි. ඇතැම් විට ඔවුන්ට නාළිකා සමඟ ගිවිසුම් ගත වීමට සිදුවනවා. එලෙස එක නාළිකාවකට පමණක් කොටු වූ විට තමන්ගේ රංගන අනන්‍යතාව ගොඩනඟන්න අපහසුයි. ඒ නිසා ඔවුන්ට ක්ෂේත්‍රය තුළ රඳා පැවැත්මක් හදාගන්න නොහැකි වනවා.
රටේ පවතින දේශපාලන වතාවරණය ගැන මොකද සිතන්නේ?
රටේ පැවැති දේශපාලන වාතාවරණය පිළිබඳව නම් මම කොහෙත්ම සතුටු නැහැ. 225ම එපා කියන මතයේ මම නැහැ. ඒ තුළත් වැඩක් කරන්න පුළුවන් හොඳ මිනිසුන් සිටිනවා. නමුත් නිවැරැදි නායකත්වයක් නොමැතිව ඔවුන්ටත් වැඩ කරන්න අපහසුයි. වෙන රටවල් හඳට යන්න සැලසුම් කරන විට අපිට නගරයට, කඩසාප්පුවට යන්න ඉන්ධන ටිකක් නැති වෙලා තිබෙනවා. අපි කොහෙද මේ ජීවත් වෙන්නේ කියලා සිතෙනවා. මම බොහෝ කාලයක් විදෙස් රටවල්වල ජීවත් වෙලා තිබෙනවා. ඒ අත්දැකීම් සමඟ මම දන්නවා මේ රටේ තිබෙන සම්පත් සමඟ මේක දියුණු කරන්න පුළුවන් රටක්. අපේ ආකල්පවල සහ අධ්‍යාපනයේ තිබෙන දුර්වලකම් නිසා තමයි අපේ රට මෙවැනි තැනක තිබෙන්නේ. හරි නායකත්වයක් සමඟ අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මේ තිබෙන තත්ත්වය සමඟ විශාල බලාපොරොත්තු තබා ගන්න බ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ඇතුළු සියලුම ක්ෂේත්‍රයක්ම නැවත නඟාසිටුවා ලංකාවට දෙපයින් සිටගන්න පුළුවන් දවසක් එනතුරු බලාපොරොත්තුවෙන් සිටිනවා.
කුශාන්ති අනුරාධා බණ්ඩාර


















