පාසල් කාලෙ මතක ඇතිනෙ උදේ රැස්වීම වෙලාවට එක එක්කෙනා ක්ලාන්තව බිම ඇදගෙන වැටෙන හැටි.
ඔව් ඔව් සමහර අය නම් ඉතින් හිටගෙන ඉන්න බැරිකමට බොරු අසනීප ගන්නවා. ඒ කොහොම වුණත් අද වෙද්දි ඒවා හරි සුන්දර මතක.
මේ කතාවත් එහෙම එකක්. මේ පහත රූ සටහන්වල ඉන්න පුංචි දුව උදෑසන රැස්වීම අතරතුර ක්ලාන්ත වෙනවා.
ඉතින් එහෙම ක්ලාන්ත වුණු දූට මේ විදියට ආදරෙන් බත් කවන්නෙ පාසලේ විදුහල්පතිතුමා.
සමාජ මාධ්‍යයේ තමයි මේ සොඳුරු රූ පෙළත් ,සටහනත් හුවමාරුව තිබුණෙ…
“ඇසට කදුළු එන දසුනක් ආදරණීය පියෙක්. උදෑසන ආහාර අරගෙන නැති පුංචි දුවක් උදෑසන රැස්වීමේ දී සිහි සුන්ව ඇද වැටුණා.විදුහල්පති තුමා පුංචි දරුවාට ආදරයෙන් ආහාර කවනවා….”

Source:Hirugossip




















