BREAKING NEWS
Search

ලොකු පුටුවක කෙනෙක්ට කෑම කන්න රු.42,000ක රිදී හැදී 6ක් ගෙනත්

218
භූ විද්යා හා පතල් කැනීම් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකුට ආහාරපාන ගැනීම සඳහා රුපියල් හතළිස් දෙදහසක් වැය කර රිදී මිශ්ර හැඳි හයක් මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි.
ආහාර ගැනීම සඳහා භාවිතා කරන හැදි පරණ වී ඇති නිසා මෙසේ අලුතින් හැඳි මිලදී ගන්නා ඔහු අදාළ අංශ වලට දැනුම් දී ඇත.
ඒ අනුව රුපියල් පන්දහස බැගින් හැදි හයක් බත්තරමුල්ලේ පිහිටි සුපිරි වෙළඳසැලකින් ගෙනැවිත් ඇති අතර නිලධාරියා එය පරීක්ෂාකර බලා තමන් බලාපොරොත්තු වන තත්වයේ නැති බැවින් හොඳම තත්වයේ හැඳි ගෙන එන්නැයි උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව එම හැදි ආපසු ගෙනැවිත් බාර දී රිදී මිශ්ර බව කියන හැඳි හයක් රුපියල් 42,000 කට මිලදීගෙන ඇතැයි ද වාර්තා වෙයි.
Lanka C News



Leave a Reply

Your email address will not be published. Required fields are marked *