රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මොකක්ද මේ සංගීත් සහ ඔබ පෙම්වතුන් කියන කතාව?
එහෙම කතාවක් මම දන්නේ නැහැ. මම, සංගීත්, දෙව්නක, අංජලී, හෂිනි, සංගීත්ගේ අම්මි, තාත්ති අපි හැමෝම යහළුවෝ. මම වැටුණු වෙලාවක මට ප්‍රශ්නයක් පැමිණෙන වෙලාවක මම සමඟ සිටින පිරිස තමයි ඔවුන්. පවුලක් වගේ මගේ ළඟින් හිටියේ එයාලා. ඔවුන් සමඟ සිටින විට හරිම සැහැල්ලුයි. සංගීත්ගේ අම්මි වුණත් අපිව ළමයි වගේ බලා ගන්නවා. හොඳ මිනිසුන්ට හොඳ මිනිස්සු හම්බවෙනවා. අපි එක පවුලක් වගේ. සංගීත්ගේ පවුලේ අය සමඟ සිටිනකොට මට එතැන ආරක්ෂාවක් තිබෙනවා කියලා දැනෙනවා. මමත් ජීවිතේ විඳින මනුස්සයෙක්. එයාලත් ජීවිතේ විඳන මිනිස්සු. මට ජිවිතේ සතුටක් ලැබෙනව නම් මම යන්නේ සතුට තිබෙන තැනට.
සංගීත් සමඟම වැඩිපුර වීඩියෝවල පෙනී සිටින්නට හේතුවක් තිබෙනවාද?
අපේ කට්ටිය කොහොමත් දක්ෂයි. ගැළපෙනවා වගේ පෙනෙන දෙන්නෙක් කපල් කරන්න. අපි දෙන්නට ගොඩක් වැඩසටහන්වලට කතා කරන්නේ එකට. ඒවා අපි ඉල්ලගෙන යන වැඩසටහන් නෙවෙයි. ඔවුන්මයි අපිට කතා කරන්නේ. එකට YouTube වීඩියෝ එහෙම කරනකොට කට්ටිය ඉතින් කතා හදනවා. ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. අපි දෙන්නට එකට ගැවසෙන්න වෙලාව හම්බවෙනවා. ඒවා සාමාන්‍යයි.
ඒ කියන්නේ සංගීත් සහ ඔබ යහළුවන් පමණයිද?
ඔව්. මම සහ සංගීත් දැනට හොඳ යහළුවන් පමණයි. ඇතැම් විට වෙන්න පුළුවන් දේවල් තිබෙනවා. ඇතැම් විට නොවෙන්නට පුළුවන් දේවල් තිබෙනවා. අපේ ගැළපීමක් තිබෙනවා නම් ඉදිරියේදී එකතු වෙයි. ඉදිරියේදී කුමක් වෙයිද කියන්න බැහැනේ. අපිට අනාගතය තීරණය කරන්න බැහැ. දැනට ඔහු සහ මම හොඳම යහළුවන් පමණයි.
දිනිති ළඟදීම විවාහ වෙයිද?
මට මගේ තාත්තා වගේ ආදරය කරන කෙනෙක් ලැබෙනකම් මම ඉන්නවා. මගේ තාත්තා මගේ අම්මට ආදරය කරනවා වගේ මටත් ආදරය කරන කෙනෙක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම විවාහ වේවි. හොඳ කෙනෙක් ලැබෙයි. එතකම් මේ විධියට ඉන්නවා. මම හිතන්නේ නැහැ ඒක කාටවත් ප්‍රශ්නයක් වෙයි කියලා.

















