යුද හමුදාවේ සේවය කළ රංජිත් දරුවන් තිදෙනකුගේ පියෙක්. 2014 අවුරුද්දේ වකුගඩු රෝගය වැළඳුණු ඔහු 2015 අවුරුද්දේ ඉඳලා මේ දක්වාම ලේ මාරු කරන බව ඔහු පැවසීය.
දිනකට ජලය පානය කිරීමට අවසර තිබෙන්නේ ලීටර් භාගයක් බවත් උදේට, දවල්ට, රෑට, බොන්න තිබෙන බෙහෙත් ටික බී ගන්නත් ඒ වතුර ටික මදි බව ඔහු කියා සිටියා.
“සිරුරට දැනෙන රස්නය මට දරා ගන්න බැරි කම නිසාම තමා මෙසේ දවසේ වැඩි වේලාවක් වතුර පිරුණු බැරල් ඒකට බැස සිටින බවත් රාත්‍රී කාලයේ නින්ද යන්නෙත් නැහැ. දැඩි උණුසුම දරා ගන්න බැරි කම නිසයි වතුරට බැහැලා ඉන්නවා” යැයි කියා සිටියා.





















