වොෂ් රූම් එකේ කැමරා හයිකරලා කෙල්ලො බයකරන, කොල්ලො කෙල්ලො දෙවියෝ වගේ සලකන ටියුෂන් ගුරාගේ පැටිකිරිය එලියට

6198

දෙමව්පියෝ විශ්වාස කරලා ටියුෂන් යවනකොට, ලෝකෙට ම ඇහෙන්න බණ කියන ගුරුවරයෙකුගේ නොහොබිනා වැඩක්.
කැමරාව ඉදිරියේ රංගනයන් කරන, පිටුපස අමුතු දේවල් කරන කෙනෙක් .

“මම වොෂ් රූම් එකේ ඉද්දි තමයි අමුත්තක් දැණුනේ. ඒක ටිකක් සැකයි වගේ නිසා කිට්ටු කරලා බැලුවා. බ්ලොක් ගල් දෙකකට මැදි කරලා මොබයිල් එකක් තියලා තිබ්බා. ඒ වෙනකොටත් ඒකේ රෙකෝඩින් ගොඩක් ගිහින්. ඒ කියන්නෙ මම වගේම තවත් කෙල්ලන්ගේ ඒවා ඒකේ තිබ්බා. මම එහෙම්ම දුවන් ගියේ සර් ගාවට.. හැබැයි සර් ගාවට ගිය එකමයි මම කරපු වරද… මම හිතුවේ සර් හොඳ කෙනෙක් කියලා. මේක වෙන කාගෙ හරි වැඩක් වෙන්නැති කියලා. සර් කිව්වා මේක කාටවත් කියන්න එපා ආෆ්ට ක්ලාස් එයාව මීට් වෙන්න කියලා..”

“ඒ විදිහට සර් මාව ටීචර්ස්ලා ඉන්න තැනට ගෙන්නගත්තා. ඒ වෙලාවේ කවුරුත් එතන හිටියේ නෑ. සර් කිව්වා මේ සිද්ධිය කාටවත් කියන්න එපා කියලා. පස්සෙ එයා වැන්ඳේ නැති එක විතරයි. එයාගේ නම කැතවෙයි, අවුලක් වෙයි කියලා. අනික ඒක එයා කරපු දෙයක් නෙවෙයි. ඉක්මණින් කරපු කෙනා හොයාගමු කියලත් කිව්වා. පස්සෙ සර් දෙතුන් පාරක්ම ආයෙ ආයෙම මාව ගෙන්න ගත්තා. අන්තිමට මගේ නොම්බර එක ඉල්ලගත්තා. පස්සෙ තමයි එයා එන්න හදන පොට මට තේරුණේ…”

“එයාට මාව වුවමනයි කිව්වා. මා එක්ක ඉන්න ආසයි කිව්වා. ක්ලාස් එකේ ලස්සනම කෙල්ල මමලූ. මම එක පයින්ම බෑ කිව්වා. පස්සෙ  එයාගේ  ස්පෙයර් විල් එක  වෙන්න.. සලකන්නම් කිව්වා. මට කිසි දේකින් අඩුවක් කරන් නෑ කිව්වා.  අන්තිමට තමා මම තීරණය කළේ මේක අම්මලාට කියන්න..”

“අම්මලා මේ ගැන පොලිසියට පැමිණිලි කළා මා එක්ක ගිහින්. ඒත් සර් පොලිසියේ අයත් එක්ක හාදවෙලා මේපැමිණිල්ල යට ගැහුවා. වෙන ටියුෂන් සර් කෙනෙක්ගේ කන්ට්‍රැක් එක්ක මෙහෙයවනවා කියලා කිව්වා. ඇත්තටම ඒ වෙලාවේ මට මේ දේ ඔප්පු කරන්න සාක්ෂිත් නෑ. ඉතින් අම්මාට තවත් මේකට බර දෙන්න අමාරුයි කිව්වා. අපි පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තා..”

“අදටත් ඒ සර් ටියුෂන් කරනවා. ගොඩක් කොල්ලො කෙල්ලො දෙවියෝ වගේ සළකන්නේ. පව් ඉතින්.. අපිනේ දන්නෙ පැටිකිරිය…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *