රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධූරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.
ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවය.
“ටීවි දෙරණ” ඔස්සේ ඊයේ (29) රාත්‍රී විකාශය වූ 360 කාලීන සජීවී වැඩසටහන සමග එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා එම අදහස් පළ කළේය.
“මම සාමාන්‍යයෙන් කොහේට ගියත්, පියන් කෙනෙක්වත් වෙනස් කරන එක්කෙනෙක් නෙමෙයි නේ. ඒ කියන්නේ අපි නායකයෝ නම් අපිට එහෙම මිනිස්සු වෙනස් කරන්න ඕනේ නෑ. මිනිස්සුන්ට අපි දෙන්න ඕනේ විෂන් එක මෙන්න මේ විදියට තමා වැඩකරන්නේ කියලා. අපිට හොඳ මිනිස්සු කියලා සමාජයේ හොයන්න බෑ. ඉන්න මිනිස්සුන්ගෙන් වැඩගන්න දැනගන්න ඕනේ. දැනුත් මම මේ ජනාධිපතිතුමාටත් කියලා තියෙන්නේ, ක්‍රයිසීස් එක මැනේජ් කරන්න දෙනවා නම් මම ආය ආණ්ඩුවේ ඇමති ධූරයක් ගන්නවා. නැතුව මට නිකන් ඇමති ධූරයක් දුන්නාට මට වැඩක් නෑ. ඒකත් ඔය වගේ දවස් 10ක වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉකොනමික් ඩිවලොප්මන්ට් කියන කෑල්ල දාලා දෙන්න ඕනේ. ඒක මම දැන් ලියලාම දීලා තියෙන්නේ.”
Source:Mawrata
















