BREAKING NEWS
Search

පොලිය වැඩිවීමෙන් ණය වාරික ගෙවාගන්න බෑ! මිනිස්සු ලක්ෂ 85ක් ක්‍රිබ් එකේ

173

පොලී අනුපාත ඉහළ යාම සහ නියමිත ගෙවීම් කිරීමට නොහැකි වීම හේතුවෙන් මිලියන 8.5 ක් පමණ පුද්ගලයින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ලැයිස්තුගත කර ඇති බව වාර්තා වේ.

Leasing and Loan Repayment Members Association (LLMA) හි සභාපති අසංක පොතුපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට පොලී ගෙවීමට නොහැකිව සිටින බවයි.

“පොළී අනුපාත වැඩි කිරීමට එරෙහිව අපි උද්ඝෝෂණයක් පැවැත්වූවා. ණය පොලිය 8.5% සිට 18% දක්වාත් ලීසිං අනුපාතය 12% සිට 34% දක්වාත් වැඩි වී තිබෙනවා. රජයේ සහ පෞද්ගලික සේවකයන්ට වැටුප් වැඩිවීමක් නැහැ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිලත් ඉහළයි. ඉතින් ඔවුන් පොලිය ගෙවන්නේ කෙසේද? ”

මේ හේතුව නිසා බොහෝ දෙනෙකුට නිවාස හා ලීසිං වාරික ගෙවීමේ අපහසුතා මතුව ඇති බව හෙතෙම පැවසීය.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *