BREAKING NEWS
Search

9 ශ්‍රේණියේ සිසුවෙකුට සරසවි වරම්

5480

වයස අවුරුදු 14 දී 2021 – උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා සරසවියට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් සිසුවෙකු පිළිබඳ පුවතක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දෙව්ම් සනහස් රණසිංහ නැමති මෙම සිසුවා මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදීයි වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ.

මේ අතර 2020 වසරේදී ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසුවියක් 2021 – විභාගයට ගණිත අංශයෙන් පෙනි සිට ඒ සාමාර්ථ 3ක් ලබා ඉංජිනේරු වරම් හිමි කරගෙන තිබෙනවා.

කොළඹ විශාකා විද්‍යාලයෙන් සිසුවියක් වන ඇය නමින් නිල්ෂි ජීවන්දරයිග විශය ධාරා දෙකකින් උසස් පෙළ විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඇයගෙන් විමසා සිටියා.

මේ අතර 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන අදහස් පළ කළා.

එහි දී විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසර අවසන් වීමට පෙර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *