BREAKING NEWS
Search

දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙද් දී මැති ඇමතීන් ට සැප නිවාස

2929

ළමා මන්දපෝෂණයෙන් ලංකාව ලෝකයම 6 වැනි තැනට ඇවිත් තියෙද්දී රජය මැති ඇමති නිල නිවාස අලුත්වැඩියාවට ලක්ෂ 4000ක් වෙන්කර ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළ විපක්ෂ නායකවරයා පවසා සිටියේ අදාළ යෝජනාව සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිපාදන වෙන් කර මේ රටේ පාසල් දරුවන් සඳහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එමෙන්ම ළමා මන්දපෝෂණය අතින් ලංකාව ලොව 6වන තැනට පැමිණ ඇති බවට පළවූ යුනිසෙෆ් ආයතනයේ වාර්තාව ද වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියා.

විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ නවතම යුනිසෙෆ් දත්ත වාර්ථා වලට අනුව ළමා මන්ද පෝෂණය අතින් ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි තැන පසුවන බවයි.

එබැවින් වහාම මේ සඳහා රජයේ අවධානය යොමුකර මේ රටේ ලක්ෂ හතළිස් තුනක් වන පාසල් සිසු දරුවන් සඳහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව විපක්ෂ විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *