BREAKING NEWS
Search

රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා! වැඩක් කරන්නේ ලක්ෂ 6යි. ඉතුරු ලක්ෂ 10ම හරිහමන් වැඩක් කරන්නේ නෑ. වහාම ක්‍රියාමාර්ගයක් ගතයුතුයි

143

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලක්ෂ 16ක් පමණ වූ රාජ්‍ය සේවකයන්ගෙන් ලක්ෂ 10ක් පමණ කිසිදු ඵලදායී සේවාවක් සිදුනොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සේවය, රාජ්‍ය සේවකයන් විසින්ම විවේචනය කරන තත්ත්වයට පත්ව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අමාත්‍යවරයා පළකර තිබුණේ මෙවන් අදහසක්.

‘දේශපාලඥයන්ට තියෙනවා ලොකු කැපකිරීමක් කරන්න. ඒ අයට මහන්සි වෙන්න වෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට ක්ෂණික තීන්දු දෙන්න ඕනේ. ඒ වගේම තමා රාජ්‍ය සේවය. රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. මම බොහෝම පැහැදිලිව කියනවා අවංකව තමන්ගේ සේවය කරන්නේ මේ ලක්ෂ 16යෙන් ලක්ෂ 6යි. ඒක තමා ඇත්ත. රාජ්‍ය සේවකයෝමයි විවේචනය කරන්නේ රාජ්‍ය සේවය. තුන්දා නීතිය වගේ වැඩපිළිවෙළක් ගේන එක අනිවාර්යයෙන්ම කාලෝචිතයි කියන එක අපි දන්නවා. ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ග ගත යුතුමයි. මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. උපරිම වැටිලා ඉන්නේ. හැබැයි ගොඩ එන එක වේගයෙන් ගොඩ එන්න පුළුවන් දේශපාලඥයා සහ රාජ්‍ය සේවකයා කැපවීම් කළොත්.’

adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *