ජීවිතේ දිනපු දිරිය දියණිය…
උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් A- 3 ක් ලබාගත් ඇහැලියගොඩ ජාතික පාසැල් රෂ්මි නිමේෂා දියණියට උණුසුම් සුබපැතුම්.
මේ ලෝකෙ වෙනස් කලේ හැමදාම අභියෝගයට අභියෝග කළ මිනිස්සු විතරයි..
සුබපැතුම් දුවේ නුඹට…
නුඹ උපන්දා ඒ සතුටට හැඬූ දෙමව්පියන් නුඹ ඇති දැඩි කරද්දි වෙදනා විඳි ඔවුන්ට ඔබ ලබා දුන් කෘතවේදී ත්යාගය හරිම අපූරුයි…
පුංචි සන්දියේ පටන් නුඹට අයනු ආයනු ගැලපූ ගුරුවරුන් ගේ සිට මේ දක්වා ඔබ සමඟ ඔබේ හයියට සිටි සෑම ගුරු දේවතාවෙකුටම අනේකවාරයක් තුති…
මතක තියාගන්න…
සියල්ල හිමි මිනිසුන්ට වඩා බොහෝ දේ අහිමි මිනිසුන් හරි අපූරුවට ලෝකයට මඟ කියනවා…
-දසුන් ගමගේ-
උපුටාගැනීමකි


















