BREAKING NEWS
Search

කැරොලයින් ජූරි යළිත් කරළියට

237

ලෝක විවාහක රූ රැජින කිරුළට හිමිකම් කියූ කැරොලයින් ජූරි පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වුණේ ඇය විසින් පුෂ්පිකාට හිමි වූ කිරුළ ප්‍රසිද්ධියේ ගැළවූ නිසා යි.

ඇය විසින් සිදු කළ එම ක්‍රියාව අන්තර්ජාලය දැඩිව උණුසුම් කළ අනතුරුව, ජාත්‍යන්තරයේ පවා අවධානය දිනාගත්තා.

කෙසේ වෙතත්, අවසානයේ මිසිස් ශ්‍රී ලංකා කිරුළට හිමිකම් කියන්නට පුෂ්පිකා සමත් වුණා.

නමුත් ලෝක විවාහක රූ රැජින වන්නට පුෂ්පිකා ට හැකි වූයේ නැහැ.

මේ සියල්ල මැද මුනිවතින් සිටි කැරොලයින් ජූරි වෙත පිරිසගේ අවධානය නැවත යොමු වුණා.

ඇය මෙම සිදුවීම් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ අතරම සමාජ මාධ්‍ය තුළද ඒ සම්බන්ධ කිසිවක් පළ නොකිරීම විශේෂත්වයි. මේ වන විට කැරොලයින් ජූරි නවතම ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කර ඇති අතර, ඇය සමාජ සේවයේ ද නියැලෙන කෙනෙක්.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *