BREAKING NEWS
Search

බඩගිනි දැනෙන ඕනේම කෙනෙක්ට නොමිලේ කාලා යන්න පුළුවන් හෝටලේ

172

මේක හැමෝටම අමාරු කාලයක්. ආර්ථික අර්බුද එක්ක ඉහල යන බඩු මිලත් එක්ක ඇති නැති හැමෝම ජීවත් වෙන්නේ හරිම අමරුවෙන්. විශේසයෙන් තම කුසහින්න පවා නිවාගන්න නොහැකි තත්ත්වයක් උදාවෙලා හමාරයි. මේ වෙද්දි ඇහෙන පුවත්වලත් තමන්ගේ සහ දූදරුවන්ගේ කුසගින්න නිවාගැනීම වෙනුවෙන් කළ සොරකම් ආදිය වාර්ථා වෙනවා.

වේල් ගණනින් කුසගින්නේ සිටින අයෙකුගේ හෝ කුසගින්න නිවන්න කාටහරි හැකි නම්. එයයි මේ කාලයේ ඔබ කළ යුතුම පුණ්‍ය කර්මය වන්නේ. තම ධනය වැය කරමින් එවැනි පිං අතේ වැඩක් කරන්නට ඉළුක්කැටිය හෝටලයක හිමිකරුවෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. නැති බැරි බඩගිනි දැනෙන ඕනේම කෙනෙක්ට මේ හෝටලයට ඇවිත් කාලා යන්න පුළුවන්. ඒ සඳහා කිසිම මුදලක් අය කරන්නේ නැහැ. විශේෂයෙන් ගැබිණි මව්වරුන් ලබාගන්නා ඕනෑම ආහාර වේලකට මේ හෝටලයේ කිසිම මුදලක් අය කරගන්නේ නැහැ.

May be an image of 1 person

මේ හෝටලයේ පුවරුවක ඒ බව මෙසේ සඳහන් කරලා තියෙනවා.

Source:gossipsinhala




Leave a Reply

Your email address will not be published. Required fields are marked *