මම ලංකාවේ සිටියත් ඕස්ට්‍රේලියාවේ සිටියත් හැමදාම රඟපාන්න තමයි සිතාගෙන ඉන්නේ- හැමෝගෙම ආදරය දිනාගත් අහිංසක හාවී මිනුකි

359

මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වන මීනු ටෙලි නාට්‍යය ලොකු පොදු කාගෙත් නෙතට කඳුළු ගෙන්න එන්න සමත් වුනු ටෙලි නැත්යයක්.මේ ටෙලි නාට්‍යයේ වැඩිපුරම ආදරය් දිනාගෙන තිබෙන්නේ පිංචි මිනුකියි.ඉතින් පුංචි මිනුකි එයාගේ විස්තර මේ විදිහට පැවසුවා.“මම තෙනුකි සන්සේයා. මට වයස අවුරුදු හතයි. හොරණ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ 3 වැනි ශේ‍ර්ණියේ තමයි මම ඉගෙන ගන්නේ. පවුලේ ඉන්නේ අයියයි, අක්කයි, අම්මයි, තාත්තයි, මමයි. අයියයි, අක්කයි දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.”ඉතින් මේ චුටි කෙල්ල රංගනයෙන් දායක වුනු අනිත් නිර්මාණ ගැනත් මේ විදිහට පැවසුවා.“මං මුලින්ම රඟපෑවේ ‘අකුරු මැකී නෑ’ ටෙලි නාට්‍යයේ. ‘බෝනස් නංගී’ කියලා තමයි ඒ නාට්‍යයේදී හැමෝම මට කතා කළේ. මම ඊළඟට රඟපෑවේ ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ පුංචි සකුනි විධියටයි. ඉන්පස්සේ ‘වෙස් ගත්තෝ’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන ළමා නිළියට සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ නාට්‍යයේ හැමෝම මට කතා කළේ සඳුනි කියලා. ඉදිරියේදී ඉරේෂ් ලොකුබණ්ඩාර මාමාගේ ‘මිනු’ ටෙලි නාට්‍යය එන්න තිබෙනවා. එහි මගේ චරිතය වන්නේ මිනුකි.”

ඉතින් මිනුකිගේ චරිතය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “මම මිනු ටෙලි නාට්‍යයේ ආශාවෙන් රඟපෑවා. ඉරේෂ් ලොකුබණ්ඩාර මාමා තමයි එය අධ්‍යක්ෂණය කළේ. එහි තිර රචනය සිදුකළේ ගයනි අශිංසනා නැන්දා. මාව මේ නාට්‍යයට තෝරගෙන තිබුණෙත් ගයනි නැන්දා. එහි මිනුකි කියන චරිතයෙන් තමයි මාව දකින්නට පුළුවන් වෙන්නේ. ශලනි නැන්දයි මේනක මාමයි එක්ක තමයි මම එහි රඟපාන්නේ.”ඉතින් පුංචි තෙනුකිගේ පාසලෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් මේ විදිහට පැවසුවා. “ඉස්කෝලේ මැඩම්ලා හැමෝම දන්නවා මම රඟපානවා කියලා. විවේක වෙලාවේදි එළියට ගිහිල්ලා සෙල්ලම් කරනකොට ලොකු අයියලා අක්කලා ඇවිත් කියනවා මාක්ස් එක ගලවලා මුහුණ පෙන්නන්න කියලා. ඒ වගේම යහළුවෝ නෑදෑයෝ හැමෝම කියනවා මම ලස්සනට රඟපානවා කියලා.ගොඩක් අය මගේ රංගනය හොඳයි කියනවා. මම රඟපානකොට කරදරයක් නෑලු. ශලනි නැන්දා මට ‘පැටියෝ’ කියලා තමයි කතා කරන්නේ. මේනක මාමා මට කියන්නේ මගේ පැට්ටෝ කියලා. සුදර්ශි නැන්දා හැමදාම මට ආදරේට කියන්නේ ‘සුදු දෝණි’ කියලා. මංජුලා කුමාරි නැන්දා ‘මගේ චූටි මැණික’ කියලා තමයි මට කතා කරන්නේ. කැමරා අධ්‍යක්ෂණය කරන මාමලා සෑම වෙලාවකදීම කියන්නේ මම දෙබස් හරියට කියනවයි කියලා තමයි. ඒවා ඇහෙනකොට මට හරිම සතුටුයි.”ඒ වගේම ඇය අනාගතයේදී රංගන ශිල්පිනියක් වෙන බවත් ඇය මේ විදිහට පැවසුවා. “මම ලංකාවේ සිටියත් ඕස්ට්‍රේලියාවේ සිටියත් හැමදාම රඟපාන්න තමයි සිතාගෙන ඉන්නේ. ඒ වගේම නර්තනය, ගායනය පැත්තෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දැනටමත් ලලිත් පැරකුම් සර්ගේ ඩාන්සින් ස්ටුඩියෝහි නැටුම් ඉගෙන ගන්නවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *