BREAKING NEWS
Search

දුව මුලින්ම නැටුවේ මගේ කුසේ ඉඳගෙන.එයා ඉපදෙන්න ඉන්න බව නොදැන මං නැටුවා-රටම ආදරේ කරන මොණර පැටික්කි ගැන අම්මා කිව්ව දේ

373

පසුගිය කාල සීමාව පුරාවට සමාජ මාධ්‍ය හරහා එක්තරා ලස්සන නර්තන වීඩියෝවක් ප්‍රසිද්ධ වුණා. ඉතින් මේ වීඩියෝවේ තිබුණේ පෙරහැරකට  මොනර නැටුමකින් නර්තනයෙන් දායකත්වය දක්වන ආදරණීය පුංචි දියණියකගේ වීඩියෝ පටයක්.  ඇත්තටම ඇය පුංචි දියණියක් වුණත් සඳක් තරම් ලස්සන රුවකට උරුමකම් කියන  දුවක් කිව්වොත් නිවැරදි. මේ වීඩියෝ පටය නිසාම ඇයට හැකියාව ලැබුනා එක රැයෙන් ලොවක් දන්න කියන චරිතයක් බවට පත් වෙන්න. මේ සුන්දර පුංචි නර්තන ශිල්පිනිය එහෙමත් නැත්නම් මේ ලස්සන මොනර පැටිකි තමයි සසදි කියන්නේ.

සසදි මේ විදියට ප්‍රසිද්ධ වෙන්නේ ඉකුත් ඇසළ පෝය දවසේ කතරගම කඳසුරිඳු පෙරහරේ මොණර නැටුම කින් පෙරහැර ලස්සන කිරීමත් එක්කයි. ඉතින් ඒ පිළිබඳව කතාකරද්දී මේ වෙද්දි ගොඩක් දෙනෙක් දන්නවා මේ දියණියට කතා කිරීමේ හැකියාව නැහැ කියන දේ. ඒ කෙසේ නමුත් ඇගේ ආදරණීය අම්මයි තාත්තයි දියණියට කිසිම අඩුවක් කරන්න කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. මේ වීඩියෝ පටය ප්‍රචාරය  වීමත් සමග ගොඩක් දෙනෙක් ඇය වෙනුවෙන් මුදල් එකතු කරන්න සූදානම් වුණා. නමුත් සසදිගේ අම්මයි තාත්තයි කිව්වේ මෙච්චර කාලයක් කාලෙකට කාගෙන්වත් ඉල්ලගෙන දුවව හැදුවේ නෑ ඒ නිසා ඉස්සරහටත් අපිට ඇයව බලා කියා ගන්න පුලුවන් කියන දේ.

සසදි ගැන කතා කරද්දී ඇගේ අම්මා පිළිබඳව තාත්තා පිළිබඳව කතා නොකරම බැහැ. මේ දෙන්නා තමයි මේ පුංචි දියණියව අනිත් ළමයින් ගෙන් වෙන්න ඕන තැනට ඇයගේ පෞරුෂත්වය හදන්නේ.සසදිට මේ වෙද්දි වයස අවුරුදු 11යි. ඇය එදා පෙරහරේ දවස් හයක් නටලා තියෙනවා. නමුත් අන්තිම පෙරහැර දවස තමයි ඇයව මේ විදියට කැමරා කාචයට මුණගැසෙන්නේ. ඇය හරිම හුරතල් පෙනුමක් තියෙන ආදරණීය දියණියක්.ඉතින් මේ සුන්දර දියණිය ඉපදෙන්න ඉද්දී ඇගේ මව හරි සුන්දර අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා. ඒ පිළිබඳව මව වන අරෝෂිකා සඳහන් කළේ මේ වගේ දෙයක්.

“ඇත්තම කිව්වොත් දුව මුලින්ම නැටුවේ මගේ කුසේ ඉඳගෙන.එයා ඉපදෙන්න ඉන්න බව නොදැන  පස්සෙත් මං නැටුවා. මහතාගේ තාත්තගේ පරම්පරාවේ ඉඳලා අපි අද දක්වා නටනවා. පෙරහැර නැටුම් වලටත් යනවා.දුව බෙල්ලන්විල පෙරහැරේ මෙවර හංස නැටුමෙන් ඉන්නවා. මහත්තයාගේ අක්කා තමයි නදීකා teacher කියන්නේ. ඇයත් කලායතනයක් පවත්වා ගෙන යනවා. ඒ නැටුම් කණ්ඩායම එක්ක තමයි දුව කතරගම ගියේ”

ඇයව කතරගම යවන්නෙ සසදිගේ බලවත් ඉල්ලීම මත. මොකද සසදිට අවශ්‍ය වෙලා තියෙනවා  පෙරහරට සහභාගි වෙලා නර්තනාංගයක් ඉදිරිපත් කරන්න. කෙසේ නමුත් ඇය පුංචි කාලෙදි ඇගේ අම්මටයි තාත්තටයි නැටුම් වැඩකටයුතු වලට විවිධ තැන් වලට යන්න සිද්ද වෙනවා. ඒ ඒ අවස්ථාවන් වල දී කොයිතරම් බෙර සද්දෙ  ඇහුනත් සසදි ඒ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැතුව හොඳට නිදා ගන්නවා ලු. ඉතින් දුව ශබ්ද වලට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කියලා මේ දෙමව්පියෝ දෙන්නා එතකොට තමයි තේරුම් ගන්නේ. ඊට පස්සේ එතැන් පටන් ඔවුන් ඇයව වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරා.

ප්‍රතිකාරත් එක්කම ඊට අවශ්‍ය කරන පාසල් අධ්‍යාපනය දෙන්නත් මේ ආදරණීය අම්මයි තාත්තයි අමතක කළේ නැහැ. ඇය අදවන විටත් සාමාන්‍ය ළමයි එක්ක එකට එකතු වෙලා කිසිම වෙනසක් නැතුව අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. අවසානයේ මේ ආදරණීය අම්මයි තාත්තයි කිව්වේ අපි කැමති නෑ අපේ දුවට පව් කියලා කවුරු හරි කියනවා ට කියලා. ඉතින් මේ සුන්දර මොනර පැටික්කිගේ ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *