BREAKING NEWS
Search

ආලෝකය එනවා සති දෙකකින්- චූටි මැණිකගෙ මූණ දකින්න දින ගණින ආලියා

414
ආලියා රන්බීර් යුවල දෙමාපියන් වෙන්න නියමිතව ඉන්නෙ කියන කාරණාව කාටත් රහසක් නෙවෙයිනෙ.
 
දැන් දැන් ආලියා ඉදිරියට නෙරූ කුස පෙනෙන්න මාධ්‍යය ඉස්සරහට එන්න පටන් අරන්. ඒ නිසාම ඈට ලැබෙන ආදරෙත්, ආශිර්වාදයත් වැඩිවෙලාද මන්දා.
 
ඒ කොහොම වුණත් මේ සෑම තැනකම සෙවණැල්ල වගේ රන්බීර් ද පස්සෙන් ඉන්නවා දකින්න පුළුවන්.
ඒ විදියට ඈ මාධ්‍යය ඉස්සරහට පැමිණි නවතම රූ එකතුවක් අපේ ඇස ගැටුණා.
 
හරි ලස්සන රෝස පැහැ ඇඳුමකින් සැරසුණු ඇය ආදරණීය සැමියා වන රන්බීර් එක්ක තමයි මේ ඡායාරූපවලට පෙනීසිට තිබුණෙත්.
 
ඒ වගේම තමයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මේ ඡායාරූප කිහිපයක් එකතු කරමින් අපූරු සටහනක් ද තබා තිබුණා.
 
the light .. is coming!(In just two weeks)
9TH September —- BRAHMĀSTRA… යනුවෙන්.
 
ඒ ඔවුන්ගේ අලුත්ම නිර්මාණ කටයුත්ත ගැනයි.
 
මෙලෙස දෙමාපියන් වීමට දින ගණින ආදරණීය යුවළ සහභාගීව සිටියෙත් එහි ප්‍රවර්ධන කටයුතු සඳහායි…
 

Source:Hirunews



Leave a Reply

Your email address will not be published. Required fields are marked *