වැඩ කරන අය ෂෝ දාන්නේ නෑනේ මල්ලි… මං වැඩෙි කළා. දැන් පැත්තකට වෙලා ඉන්නවා යැයි රන්ජන් රාමනායකට නිදහස ලැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.
රන්ජන් රාමනායකට නිදහස ලැබීමෙන් පසු ඔබ ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටින්නේ ඇයි දැයි කළ විමසුමකට ප්‍රතිචාර ලෙස හරීන් ප්‍රනාන්දු මේ බව කීය.
මේ අතර රන්ජන් රාමනායක නිදහස ලැබීමෙන් පසු ට්විටර් සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු පවසා ඇත්තේ මෙසේය.
“මම ගත්ත දේශපාලන තීන්දුව ගැන සතුටුයි. යමෙක් තමන්ගේ කොටස කරන විට එය පින්තූරවලින් සහ මාධ්‍ය ඔස්සේ ඔප්පු කිරීමට අවශ්‍ය නෑ… සතුටුයි රන්ජන් මිත්‍රයා ඔබේ නිදහස ගැන. මට වැදගත් වන්නේ එපමණයි. ස්තුතියි!“
Source:Lankasara

















