ජනාධිපති සමාව ලැබී ඇති හිටපු ඇමති රන්ජන් රාමනායක මහතාට අද (26) පස්වරුවේ දී අලුත් පත්වීමක් ලැබෙන බව කම්කරු හා විදේශිය රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
නිදහස්ව පැමිණෙන රන්ජන් රාමානායක මහතාට නව තනතුර සම්බන්ධයෙන් අද පස්වරුවේ දී වැඩිදුර තොරතුරු දැනුම් දෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.
රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදිම සදහා වන ලේඛනවලට ජනාධිපතිවරයා අද උදෑසන අත්සන් කළ බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියා.
Source:Asianmirror


















