BREAKING NEWS
Search

ලැබූ නිදහසට ස්තුති- ජනාධිපති සමාව ලැබූ රන්ජන් රාමනායක මහතා නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටතට

487

රන්ජන් රාමනායක මහතාට කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ලිපියට අත්සන් තබා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවයි.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී  කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති සමාව ලැබූ රන්ජන් රාමනායක මහතා නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේ ය.

රන්ජන් රාමනායක මහතාට කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදීමට අදාළ ලිපියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන අත්සන් කරනු ලැබිණි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවය.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී  කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *