BREAKING NEWS
Search

බිම වැටුණු කාඩ්පතකින් දහස් ගණන් බඩු අරගත් බිරිඳ – බුකියේ සංසරණය වූ වීඩියෝවේ ඇත්ත කතාව

464

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තම සැමියාගේ කීම අසා නන්නාදුනන පුද්ගලයෙක්ගේ කාඩ්පතකින් සුපිරි වෙලඳසැල් කීපයකින් දහස් ගණනින් බඩු අරගෙන ප්‍රශ්න ගොඩක පැටළුණු බිරිඳකගේ කතාවක් ගාල්ලෙන් වාර්ථා වෙනවා. එම කතාව මෙසේයි…
ගාල්ල නගරාසන්නයේ පදිංචිකරුවෙක් නිවෙසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයේ සුපිරි වෙළෙඳසලක් වෙත ගියා. භාණ්ඩ මිලදී ගත් ඔහු කාඩ්පතින් මුදල් ගෙවා ආපසු නිවසට ගියා. එහෙත් කාඩ්පත වෙළඳසල ඉදිරිපිට බිමට වැටුණ බවක් ඔහුට නොදැනුනා.

මේ අතර වෙළෙඳසලට පැමිණි පුද්ගලයකු බිම වැටී තිබූ කාඩ්පත අහුලාගෙන එහි සිටි ආරක්ෂක නියාමකවරයකුට බාර දුන්නේ එහි අයිතිකරු පැමිණි විට ලබාදෙන ලෙස පවසමින්.

ආරක්ෂක නියාමකවරයා සිදු කළේ කාඩ්පතේ අයිතිකරු පැමිණීමට පෙර වහාම පැමිණෙන ලෙස බිරිඳට දුරකතන ඇමතුමක් දීමයි. ඒ අනුව ඇය පැමිණියා. ආරක්ෂක නියාමකවරයා බිරියගේ කනට යමක් කොඳුරා කාඩ්පත ඇයගේ අත තැබුවා. ඇය එය බෑග‍යේ දමාගෙන සුපිරි වෙළෙඳසලට ගොස් පළමුවෙන්ම රුපියල් සියයක භාණ්ඩ ගෙන කාඩ් පතින් ගෙව්වා. ඇය කළේ කාඩ්පතේ මුදල් තිබෙනවා දැයි පරික්ෂා කිරීම. එහි මුදල් තිබෙන බව දැනගත් ඇයගේ සතුට ඉහවහා ගියා.

ඇය නගරයේ තවත් සුපිරි වෙළෙඳසලකට ගියා. එහිදී කීරි සම්බා ඇතුළු‍ භාණ්ඩ රැසක් ගෙන කිසිදු සැකයක් නැතිව කාඩ්පතින් මුදල් ගෙව්වා. එම භාණ්ඩ ආරක්ෂාකාරිව ස්ථානයක තැබූ ඇය තවත් සුපිරි වෙළෙඳසලකට ගොස් එහි දී ද රිසි සේ භාණ්ඩ මිලදී ගත්තා. පිනට පහළවූ මේ වාසනාවෙන් ඇය උපරිම ප්‍රයෝජන ගත්තා.

මේ අතර කාඩ්පත අයිතිකරුගේ දුරකතනයට කෙටි පණිවුඩ ලැබෙන්නට වුණා. තමාගේ කාඩ්පත නැතිවී ඇති බව ඔහු දැනගත්තේ එවිට. පසුව සොයා බැලූවිට නගරයේ ඇති සුපිරි වෙ​ෙළඳසල් කිහිපයකින්ම එක් කාන්තාවක සැක කටයුතු අයුරින් භාණ්ඩ මිලදීගන්නා අයුරු ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනු ඔහු දුටුවා. භාණ්ඩ ගැනීමට තවත් ඉතිරිවී ඇත්තේ නගරයේ එක් සුපිරි වෙළෙඳසලක් පමණයි. එනිසා ඉතිරිව තිබූ ගාල්ල නගරයේ එම සුපිරි වෙෙළඳසලට ගිය ඔහු කළමනාකරු හමුවී සිද්ධිය පවසා කාඩ්පත අදාළ බැංකුවද දැනුවත් කොට කාන්තාවගේ හැඩරුව ද මතකයේ තබාගෙන රැකවලෙහි සිටියා.

ඔහු සිතුවා නිවැරැදියි. කාන්තාවක් පැමිණ රුපියල් දහස් ගණනක භාණ්ඩ ගෙන මුදල් අයකැමි තරුණිය වෙත කාඩ්පත ඉදිරිපත් කළා. එහෙත් මෙවර ඇයගේ උත්සාහය වැරැදි ගියා. පොලිසිය පැමිණෙන තුරු ඇයට එම වෙළෙඳසලේ රැඳී සිටීමට සිදුවුණා. ඇය පැය භාගයක් ඇතුළත හය වරක් භාණ්ඩ මිලදීගෙන තිබුණා. ඇය ඔහු ඉදිරියේ බැගෑපත් වූවා.

මේ අතර ඇයගේ සැමියා වූ ආරක්ෂක නියාමකවරයාද එම ස්ථානයට ආවා. මෙහිදී කාඩ්පත හිමිකරු කියා සිටියේ තමාගේ මුදල් දෙන්නේ නම් උසාවි යාමට අවශ්‍ය නොවන බවයි. එයට එකඟවූ ඇය එම අවස්ථාවේම තමාගේ ගිණුමෙන් එම මුදල ඔහුගේ ගිණුමට බැර කිරීමට පියවර ගත්තා.

Source: Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *