නැවතත් ඉන්ධන හිඟයක්

240

මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය කියා සිටියා.

පිරවුම්හල් සංස්ථාවෙන් ඉන්ධන ඇණවුම් කළත් තොග ප්‍රවාහනය කිරීමට ගිය විට සංස්ථාවෙන් පවසන්නේ ප්‍රමාණවත් ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව යැයි ඔවුහු පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව මෙම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පිරවුම්හල් රැසක් වසා ඇති බවයි.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල තෙල් ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවන බව ජනතාව පවසනවා.

මේ අතර පෙරේදා (24) මෙරටට ළඟා වූ සුපර් ඩීසල් නෞකාවට මුදල් ගෙවීමත් සමග ඊයේ (25) සවස සිට ඉන්ධන ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ඊයේ (25) රාත්‍රියේ සිටම ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බවද ඔහු කියා සිටියා.

Source:asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *