ඉකුත් මැයි 10 වැනි දා, හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් කොලොන්න, ගොන්ගලකන්ද ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි තබා විනාශ කිරීම සහ එහි දේපල හානි කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළොන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 22 සහ 23 දිනයන්හි දී මෙම සැකකරුවන් සිව් දෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා
මෙම සැකකරුවන් සිව් දෙනා වයස අවුරුදු 25ත් 50ත් අතර වයස්වල පසුවන කොළොන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළේ.
මේ අතර, රෝහිත රාජපක්ෂ සිය ඉන්සටග්‍රෑම් ගිණුමට මීට මොහොතකට පෙර සටහනක් එක් කර තිබුණා.
එහි සඳහන් වන්නෙ මෙවැන්නක්.
“මාගේ යැයි මාධ්‍ය වලින් පෙන්වා දෙන සියලුම දේපල නීත්‍යානූකූලව මා වෙත පවරන මෙන් ඒවායේ අයිතිකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අරගලයට ජය.”
Source:Hirugossip




















