2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත, දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ විභාගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ, අනුව 2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ඇති.
මේ සඳහා අවුරුදු 18-39ත් අතර අයට අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාවය නොමැති, දකුණු කොරියාව මඟින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති පුද්ගලයින්ට අයදුම් කිරීමේ හැකියව පවතිනවා.
එමෙන්ම 2022 වර්ෂයේ පැවැත්වෙන නිෂ්පාදන ක්ෂේත්‍රයේ භාෂා ප්‍රවීණතා විභාගය සඳහා විභාග ප්‍රවේශ පත් ලබාගත් අයදුම්කරුවන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ
Source:dasathalanka

















