BREAKING NEWS
Search

අඩි 37,000ක් අහසේ නියමුවන් දෙදෙනෙකුට නින්ද ගොස් සිදුවූ අකරතැබ්බය මෙන්න

284

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පියාසර කාලය තුළ ඉතියෝපියානු ගුවන් සේවයේ නියමුවන් දෙදෙනෙකුට නින්ද යෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අඩි 37,000ක් ඉහළින් පියාසර කරමින් සිටියදී මෙලෙස නියමුවන් දෙදෙනාට නින්ද ගොස් ඇති බවයි අදාළ විදෙස් වාර්තාවල සදහන් වුණේ.

සුඩානයේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා වෙත ගමන් කරමින් සිටියදීයි ඔවුන් මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ.

නියමිත ගමනාන්තයට ළගා වූ පසුවත් යානය ගොඩබෑමට කටයුතු නොකිරීම නිසා ගුවන් ගමන් පාලක විසින් අනතුරු ඇගවීම් සංඥා නිකුත්කර ඇති අතර ඉන් අනතුරුවයි නියමුවන් දෙදෙනා අවදි වී ඇත්තේ.

ඒ අනුව විනාඩි 25ක ප්‍රමාදයකින් පසු යානය ගුවන් ධාවන පථයට ගොඩබෑමට නියමුවන් විසින් කටයුතු කර ඇති අතර මීලග ගුවන් යානයට ඒ හේතුවෙන් පැය දෙකහමාරක කාලයක් රැදී සිටීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

Source: Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *