සීතා එළියට. ගෝඨා පාර්ලිමේන්තුවට

292

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි සක්‍රීය දේශපාලනයට ගෙන ඒමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම පිරිස සැලසුම් කොට ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රැගෙන ඒමටය.

ඒ අනුව පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක වන සීතා අරඹේපොළ මහත්මිය සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව සලසා දීමට නියමිතව ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව තව සති කිහිපයකින් පිහිටුවීමට නියමිත නව ආණ්ඩුවේ අගමැති ධූරය සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීමන පොහොට්ටු මන්ත්‍රීවරු සූදානමින් සිටින බවද වාර්තා වේ.

ඒ සදහා බහුතර මන්ත්‍රීවරුන් අස්සන් කොට යෝජනාවක් ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

Source:mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *