BREAKING NEWS
Search

“අප්පච්චි තාම කතා කරන්නේ නැහැ” – ජැක්සන්ගේ අලුත්ම තත්වය ගැන මාධවී හෙළි කරයි

362

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හැමෝම දන්නා කියන කාරණයක්.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඒ වගේම මේ වන විට ගොඩක් දෙනෙක් ඔහුට ඉක්මන් සුව පතන්න අමතක කරන්නේ නැහැ.

ඔහුගේ දේශපාලන මතය ගැන ගොඩක් දෙනෙක් බොහෝ දේ පවසනවා.

මේ ශෝකය තව තවත් දෙගුණ තෙගුණ කරමින් පෙරදින ජැක්සන් ඇන්තනි මහත්මයා අපි අතරින් සමුගත්තා කියන ව්‍යාජ නිවුස් කීපයක්ම සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා.

මේ පුවත් දැක්ක සැනින් එසැනින් මාධවී ඇතුළු ජැක්සන් මහත්මයාට ආදරය කරන ගොඩක් දෙනෙක් මේ වගේ අසත්‍ය පුවත් ප්‍රකාශ කරන්න එපා කියන ඉල්ලීමක් සියල්ලෙන්ම ඉල්ලුවා.

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී ගේ පවුලේ වැඩිමල් දියණිය ඒ වගේම වැඩිමහල් දරුවා.

ඔහු සහ ඇය අතර තියෙන්නේ ලොකුම බැඳීමක්.

ඉතින් අපි හිතුවා ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අලුත්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධවී ඇන්තනී  එහෙමත් නැත්නම් ඔහුගේ ආදරණීය දියණිය සඳහන් කරපු අදහස් කීපයක් හුවමාරු කරගන්න.

“අගෝස්තු 2 රෑ තමයි මේ අනතුර සිද්ධ වුණේ. එදා ඉඳන් ඉදන් මේ දක්වාම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය තමයි අප්පච්චි ප්‍රතිකාර ලබන්නේ. ඉතින් හැමෝම දන්න දෙයක් තමයි මේ වගේ අනතුරක් උනහම තත්ත්වය කියන එක එක රැයින් එක තත්පරෙන් වෙනස් වෙනවා කියන දේ. මේ වගේ සිදුවීමක දී මුලින් වෙච්ච දේට විතරක් නෙවෙයි ඊටත් පස්සෙ සිද්ධවෙන දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේ තත්වෙක තමයි මගේ අප්පච්චිත් ගත කරන්නේ. සියලුම වෛද්‍යවරු සියලුම හෙදියන් බොහොම උත්සාහයක් ගන්නවා අප්පච්චිගේ තත්වය සුව අතට හරවන්න. හැමදේම ඔවුන් කරනවා. සුව අතට හැරෙමින් පවතිනවා නමුත් සම්පූර්ණයෙන් සුවයි කියන්න බැහැ.  අප්පච්චි කතා කරන්නේ නැහැ ප්‍රතිචාර දක්වන්නෙ නැහැ තවම. ඔහු නිදාගෙන ඉන්නේ ඔහු නැගිටිනකන් අපි හැමෝම බලාගෙන ඉන්නවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *