එදා ඔහු සිය යතුරුපැදියට තෙල් ගසා ගැනීමට ගියේ ඔහු ළඟටයි. ඒ සිය ජංගම දුරකතනයේ ගබඩා කර ඇති කිව්.ආර්. කේතය ඉන්ධන පිරවුම් පොළේ ජංගම දුරකතනයකින් සටහන් කිරීමෙන් අනතුරුව.
මද සිනහවකින් ඔහු පිළිගත් පොම්පකරු මහත්තයා ඕන නම් ඉතින් ටැංකිය පිරෙන්නම තෙල් ගහලා දෙන්නම්, දන්නැද්ද ඉතින් මේවා අපේ වැඩනේ ඉතින් කීව්වා. මේ සඳහා තමාට කීයක් හරි දෙන්න යයි නොකියා පොම්පකරු ඔහුගෙන් ඉල්ලුවා.
හා ඒක කොච්චර හොඳ දැයි ඔහු කීවේ පොම්පකරුගේ යටි අදහස තේරුණා සේ හැසිරෙමින්. පොම්පකරු ඔහුගේ යතුරු පැදියේ ටැංකිය පිරෙව්වේ ඔන්න වැඩේ හරි මහත්තයා කියමින්.
ඉන්ධන ගසා ගත් ඔහු රුපියල් 5000 නෝට්ටුව දික් කළේ ඒ සඳහා අවශ්‍ය මුදල ගෙවීමටයි. ඉතුරු මුදලෙන් රුපියල් පන්සීයක් අඩු බව දුටු ඔහු පොම්පකරුගෙන් මේ පිළිබඳව විමසුවා.
ඇයි මහත්තයා ටැංකිය පුල් කළානේ ඉතින්. අපටත් කීයක් හරි ඕනනේ, ඒකයි එහෙම කළේ යයි පොම්පකරු කීවා.
ඒක හරියන්නේ නැහැ, මට මගේ ඉතුරු සල්ලි ටික දෙනවා. මගේ ටැංකියට ගහපු වැඩි තෙල් ටික තමුසේ ගන්නවා යයි ඔහු කීවිට පොම්පකරුට හීන් දහඩිය දැම්මේ වෙන කෙනකුට ටැංකිය පුරවා ගාණක් හොයාගන්න තිබූ අවස්ථාව මේ යකා නැති කළා යයි සිතමින්.
වැඩිය කතා කළොත් පෝලිමේ ඉන්න අයට ඇසේ යයි සිතූ පොම්පකරු ඔහුට ඉතුරු සල්ලි හරියටම දුන්නේ මේ වගේ අමාරුකාරයකුට අහුවුණාමයි සිතමින්.
ලංකාදීප




















