රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
පොල්ගහවෙල නාරංගහමුල වත්තේ කුඩා ඔයේ අලියකු නාවමින් සිටින අයුරු පාලමක් මත සිට බලා සිටි අවුරුදු 08ක් වයසැති දරුවකු ඔසවා පාලමෙන් ඔයට වීසි කළ බීමත් ග්‍රාමසේවා නිලධාරියකු පොල්ගහවෙල පොලීසියේ නිලධාරීන් පෙරේදා (17) සවස අත්අඩංගුවට ගෙන තියෙනවා.දරුවා වීසි කර ඇත්තේ අලියා නාවමින් සිටි ස්ථානයට බවත්, එහිදී අලියාගේ දම්වැල් වැදී දරුවාගේ අස්ථි බිඳීමක් සිදුව තිබෙන බවත් පොලීසිය පවසයි. වෙලගෙදර වලව්වට අයත් මේ අලියාව බලා ගන්නේ දරුවාගේ පියා බව පොලීසිය සඳහන් කළා.
මාඔයේ ශාඛාවක් වන කුඩා ඔයේ තැන තැන ගල් ඇති බවත්, දරුවාගේ හිස ගලක වැදුණි නම් ජීවිත හානියක් පවා සිදු වීමට ඉඩ තිබුණු බව පොලීසිය පවසයි.
දරුවා පාලම මතින් විසි කර ඇති ග්‍රාම නිලධාරියා පොල්ගහවෙල උඩපොල වසම භාර ග්‍රාම නිලධාරියා බවත්, ඔහු 54 හැවිරිදි පුද්ගලයෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. ග්‍රාම නිලධාරි අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
Source:Hirugossip