බිත්තරයක මිල රුපියල් හැටක සීමාවෙන් ඔබ්බට යෑමට ඉඩ ලබා නොදෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයින් මේ බව ප්‍රකාශ කළේ කැඳවීමකට අනුව අද පාරිභෝගික අධිකාරියට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර, නගර ආශ්‍රිතව පොල් ගෙඩියක් රුපියල් සියයක පමණ මිලකට අලෙවි වනවා.
වෙළඳුන් පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟයක් සමඟ පොල් ලැබීමේ අඩුවක් පැවතීම මෙම තත්වයට හේතු වී ඇති බවයි.
Source:Hirunews

















