BREAKING NEWS
Search

රැට්ටාගේ බැංකු ගිණුමට ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයා සොයා ගැනෙයි

3181

අරගළයේ මුල සිට ම ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටාගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයා ව සොයාගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මඟින්.

සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (17) ඔහු ව අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණත් සැකකරු ඊයේ එහි නො පැමිණි බව යි වාර්තා වන්නේ.

ජා ඇල ප්‍රදේශයේ පිහිටි රතිඳු සේනාරත්නට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට මෙම මුදල් බැර වී තිබුණා.

නමුත් අදාළ මුදල තැන්පත් වූ දවසේ ම රතිඳු සේනාරත්න, අදාළ සිද්ධිය පිළිබඳ එම පෞද්ගලික බැංකුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව සඳහන්.

පසු ව තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් රතිඳු සේනාරත්න පවසා තිබුණේ, මෙවැනි උගුල්වලට තමා කිසි සේත් ම හසු නො වන බවත් ව්‍යාපාර හා ගිණුම්කරණය වැනි විෂයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තමන්ට ඇති බවත් ය.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *