BREAKING NEWS
Search

වයසට ගිහින් කෙල්ලෙක් හොයාගන්න බැරුව, කෙල්ලෙක් හොයලා දුන්නා.කපු ගාස්තු ගෙවන්න ! – කෝටිපති ව්‍යාපාරිකයාට, කපු නෝනාගෙන් පාඩමක්

521
අදාළ කාන්තාව පවසන්නේ මීට වසර දෙකකට පමණ ඉහතදී තමන් කැකිරාව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු හට එම ව්‍යාපාරිකයාගේ මවගේ ඉල්ලීම මත මංගල යෝජනාවක් ගලපා දුන් බවත් ඔවුන් ඉකුත් අප්‍රෙල් 28 වන දින විවාහ වූ බවත්ය.
එම අවස්ථාවේදී තමන්ට මංගල යෝජනා ගාස්තුව නිවසට රැගෙනවිත් දෙන බවට මනාල පාර්ශවය පොරොන්දු වුවද එය මෙතෙක් තමන්ට ලබා නොදී එම ව්‍යාපාරික මනමාලයා මගහරිමින් සිටින බව එම කාන්තාව පවසනවා.
අදාළ කාන්තාව පවසන්නේ අදාළ මංගල යෝජනාව සම්බන්ධව මනාල පාර්ශවය තමන්ට රුපියල් පනස් දහසක් ලක්ෂයත් අතර මුදලක් ගෙවීමට එකඟ වූ බවයි.
එහෙත් පොරොන්දු පරිදි මනාල පාර්ශවය විසින් එම මුදල තමන්ට ගෙවීම පැහැර හරිමින් සිටින බවයි.
මෙය මාගේ ජිවනෝපාය වන අතර තමන් දිර්ඝ කාලිනව රෝගී තත්ත්වයකින් පෙලෙන බවත් මේ හේතුවෙන් තමන්ට අවශ්‍ය බෙහෙත් හේත් පවා ලබා ගැනීමට මුදල් හිගතාවයක් පැන නැගී ඇති බවයි.
අදාළ මනාල පාර්ශවය මෙලෙස පොරොන්දුවූ පරිදි මංගල ගාස්තුව නොගෙවීම සම්බන්ධයෙන් ඇය මීට පෙර ගල්නෑව පොලිසියටද පසුව අද දිනයේ කැකිරාව පොලිසියට ද පැමිණීලි කිරීමෙන් පසුව අද දිනයේ ඇය අදාළ මනාල යුවලගේ මංගල ඡායාරූප සහිත බැනරයක් හා විරෝධතා පුවරුවක් සහිතව කැකිරාව නගරයේදී විරෝධතාවයේ නිරත වුවා.
කැකිරාව පොලිස් ස්ථානය එම කාන්තාවගෙන් ලද පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශණ අරඹා තිබෙනවා.
Source:Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *