BREAKING NEWS
Search

මාස 8ක දරුවාට දෙන්න කිරිපිටි සොරාගත් පියෙකු අත්අඩංගුවට

234

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සුපිරි වෙළඳ සැලකින් ළදරු කිරිපිටි ටින් එකක් සොරාගත් පියෙකු අල්ලා අලුත්ගම පොලීසියට බාර භාරදී ඇති පුවතක් වාර්තා වේ.
රුපියල් 3100ක් පමණ වටිනා ළදරු කිරිපිටි ටින් එකක් ඇඳ සිටි කමිසයට යටින් සසඟවනු සේවිකාවක දැක ආරක්ෂක නිලධාරියා දැනුවත් කිරිමෙන් පසු ඔහුව අල්ලාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හඬා වැලපෙමින් පොලිසියට පවසා ඇත්තේ තමාගෙ අවුරුද්දයි මාස 8ක වයසැති දරුවාට අවශ්ය කිරි පිටි නොමැති නිසා මෙලෙස සඟවා ගෙන යෑමට පැමිණි බවයි.
30 හැවිරිදි විවාහක දෙදරු පියෙකු වන සැකකරු ධීවරයකු බවත් ආර්ථික ගැටළු හේතුවෙන් ධීවර රැකියාව කර ගැනීමට නොහැකිව දරුවා වෙනුවෙන් මෙම සොරකම කිරීමට පෙළඹුණු බව පොලිසියට සැකකරු පවසා තිබේ.
සැකකරු කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Source:Newspedia



Leave a Reply

Your email address will not be published. Required fields are marked *