BREAKING NEWS
Search

පොහොට්ටුව ඇතුළේ පෙරළියක්! මහින්දට, නාමල් ලොකු පුටු

161

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරු පෙරළියක් සිදු කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව නොවැම්බර් දෙවැනි දින පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයේදී නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

එහිදී එම පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරින් ඉවත් කර එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

මේ අතර පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පත් කිරීමට යෝජනා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහෙත් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ඉදිරියේදී මෙම තනතුරු වෙනස් විය හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු තනතුරක් භාර නොගැනීමට මේ වන විට තීරණය කර ඇතැයිද වාර්තා වනවා.

කඩිනමින් ආසන මට්ටමින් ජනතාව හමු වීමටත්, සාමාජික පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කිරීමටත් පක්ෂය තීන්දු කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය මැතිවරණ කොමිෂන් සභාව සතු වීමයි.

එම නිසා පළාත් පාලන මැතිවරණයට සූදානම් වීමද පක්ෂයේ අපේක්ෂාව වී තිබෙනවා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *