BREAKING NEWS
Search

උපන්දිනය දා සුරංගනාවියක් වුණු, පුංචි තිරයේ අහිංසකාවිය අශිකා මතසිංහ

204

මේ දිනවල පුංචි තිරයේ වැඩි කතාබහකට ලක් වෙන කෙනෙක් තමයි සිරස නාලිකාවේ විකාශය වන ‘හිත ළග හිනැහුනා’ ටෙලිනාට්‍යයේ මිනෝලි. ඉතින් මිනෝලි විදියට රංගනයෙන් දායක වෙන ඒ ජනප්‍රිය කලා ශිල්පිනිය තමයි අශිකා මතසිංහ කියන්නේ. හරිම නිහතමානී කලා කාරිනියක් වන අශිකා වැඩි හරියක්ම පුංචි තිරයේ අහිංසකාවියක් විදියටයි අපි අතරට එන්නේ. ඉතින් ඊට හාත් පසින්ම වෙනස් විදියේ රංගනයක් තමයි මේ තුලින් අපිට දැක ගන්න ලැබෙන්නෙ.

ඉතින් කාගෙවත් හිත රිද්දන්න අකමැති අශිකාගේ මේ මිනෝලි චරිතය ඇගේ සාමාන්‍ය ජීවිතයට වඩා හාත් පසින්ම වෙනස් චරිතයක්. ඒ නිසාවෙන්ම ඇයට මෙම චරිතය ලොකු අභියෝගයක් වුණා. ඉතින් දරුවන් තිදෙනෙකුගේ මවක් වන අශිකාගේ නිවසත් ප්‍රේක්ෂකාගාරයක්. ඇගේ රංගනයට ගෙදරිනුත් ප්‍රතිචාර ලැබෙනවා කියලයි අශිකා සදහන් කරන්නේ.

ඉතින් සැමියාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන නිසා ඇයට රංගන කටයුතු කරගැනීම පහසු වුනා. ඉතින් සැමියා කලාවට කැමති කෙනෙක් නිසාම ඔහු කලාවට පුදුම ලැදියාවක් තියෙනවා කියලයි අශිකා පවසන්නේ. ඉතින් ඒ වගේම ඇගේ ජීවිතේ තවත් අත්දැකීම් ගැන ඇය පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම කැමතියි දරුවො තුන් දෙනාවත් කලාවට සම්බන්ධ කරන්න. ඉතින් මේ වනවිටත් දරුවො වෙළදදැන්වීම වලටයි ටෙලි චිත්‍රපට වලටයි සසම්බන්ධ කරගෙන තියෙනවා. දැන් මට අවුරුදු 38ක්. ළමයි තුන් දෙනෙක්ගෙ අම්ම කෙනෙක්. ඉතින් දැන් අපි වයසයිනේ. ඒ නිසා අලුතෙන් එන තරුණ ගැහැණු ළමයිට අවස්ථාව දීලා මට ගැලපෙන ඒවා විතරක් බාර ගන්නවා.

මට බ්‍රයිඩල් ෆොටෝ ශූට් වලට ආරාධනා ලැබෙනවා. ඒවා පුලුවන් විදියට කරගෙන යනවා. මගේ දරුවොන්ට වයස අවුරුදු 7,10,11 වයස් වල ඉන්නේ. ඉස්සර මම රගපාන නාට්‍යය මගේ බබාලා බලන්නෙ නෑ. ඒත් හිත ළග හිනැහුනා නාට්‍යය ඕන කෙනෙක්ට බලන්න පූලුවන් නිසා බබාලට බලන්න දෙනවා.’’

සැබවින්ම ඇය සුරංගනාවියක් වගෙයි. ඒ තරමට ලස්සන රුවක් ඇයට තියෙන්නෙ.ඇගේ අහිංසක පෙනුම නිසාම කවුරුත් ඇයට බෙහෙවින් ආදරය කරනවා.පසුගිය දිනක ඇයගේ උපන්දිනය යෙදිලා තිබුනා.ඒ වෙනුවෙන් කළ ඡායාරූප එකතූන් කිහිපයක්ම අපිට දක්නට ලැබුණා.
මේ රූ එකතුවත් එලෙස අපිට දකින්න ලැබුණු රූ එකතුවක්.බලන්නකො ඉතින් ලස්සන, ඇත්තටම ඇය සුරංගනාවියක් වගෙයි නේද

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *