BREAKING NEWS
Search

රනිල් ප්‍රශ්න විසඳයිද කියලා අපි ටික දවසක් බලමු

194

රට තුළ උද්ගතව ඇති ප්‍රශ්න විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගනු ඇතැයි ජනතාව සිතනවා නම්, ඒ සඳහා යම් කාලයක් ලබා දීමට කටයුතු කරන බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියා,

“රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමත් එක්ක ජනතාව යම් විධියකට හිතනවා නම්, මේක හරි, රනිල් වික්‍රමසිංහ දැන් ප්‍රශ්න විසඳයි කියලා අපි ටික දවසක් බලමු. කොහොම ද එයා ප්‍රශ්න විසඳන්නේ කියලා. ඒක නිසා නේ මේ සෙනග අඩු වෙන්නේ. අපි මේ විරාමය ගන්නවා. හැබැයි මේ විරාමය තුළ අපි බලාගෙන ඉන්නවා අපේ අරගලයේ අපේක්ෂාවන් ඉටුවෙනවා ද නැද්ද කියන එක. එක අරමුණක් තමයි, රනිල් රාජපක්ෂ කියන මේ රෙජීමය, රාජපක්ෂ ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ කියන එක. ආණ්ඩුව විසුරුවන්න ඕනේ කියන එක. ඒක තමයි අරගලයේ අපේක්ෂාව.”

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *