BREAKING NEWS
Search

දැන්නම් ලංකාව දාලා යන්න දුකයි. මොකද ඒ තරමට මට බන්ටිට ප්‍රතිචාර ලැබෙනවා

314

අයිටීඑන් අවුරුදු කුමරි තරගාවලියෙන් අන්තිම දොළොස් දෙනා අතරට තේරුණු ඇය හිතේ අධිෂ්ඨානයක් ඇතිකර ගෙන 2017 මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ විදියට කලා ගමන ආරම්භ කරපු දුෂේනි මියුරංගි 2019 සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ චරිතයක් තුලින් අපි දකිනවා. කාලයක් පුංචි තිරයේ දකින්න නොලැබුනු දුෂේනිව දැන් නම් පුංචි තිරය ඔස්සේ නිතරම දැකගන්න පුලුවන්.

ඒ ස්වාධීන රූපවාහිනියේ මේ දිනවල විකාශය වන අලුත් ටෙලි නිර්මාණයක් වන ‘වීදුරු මල්’ ටෙලිනාට්‍යය හරහා. එහි ඇය වෛද්‍යවරියක් විදියට තමයි රංගනය කරන්නේ. වෙනස්ම විදියේ රංගන විලාසයක් තියෙන දුෂේනිව තවත් ටෙලිනාට්‍යයක් තුලින් අපිට දැක බලා ගන්න පුලුවන්. ඒ සද්ධාමංගල, ශිවගුරුනාදන්ගේ එකතුවෙන් නිර්මාණය වුණු ‘පාර දිගේ’ ටෙලිනාට්‍යය හරහා. ඇය එහි බන්ටි චරිතය තුලිනුයි අපි දැක බලා ගන්නේ.

ඉතින් පාර දිගේ ටෙලිනාට්‍යයේ ද්විත්ව චරිතයක් වන බන්ටි සහ සරනි විදියට අපි අතරට එන දුෂේනි කාලයක් රංගනයතුලින් පෙනෙන්නට සිටියේ නෑ. ඒ ඇය ඉන්දියාවට ගිහින් හිටපු නිසා. ඉතින් ඇයට ඉන්දියාවට යන්න අවස්ථාව ලැබෙන්නේ ඉන්දියානු රංගන ශිල්පී සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙලේ නර්තනය කල නිසයි.

ඉතින් ඉන්දියාවේ ඉදලා ලංකාවට ආව දුෂේනි කලවෙන් ඈත් වෙලා හිටියත් ඇයට රංගනයට පාර දිගේ ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණම ඇය බාර ගන්නට අකමැතිවුනත් ඇගේ තාත්තා තමයි මෙයට ඇය පොළඹවාගෙන තිබෙන්නේ. ඉතින් දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය ගැන ඇය පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම රගපාන්න බෑ කියලා කියද්දී අම්මයි තාත්තයි මාව උනන්දු කලා. විශේෂයෙන් තාත්තා මාව රගපාන තැනට මගේ ඔලුව හැදුවා. දැන්නම් ලංකාව දාලා යන්න දුකයි. මොකද ඒ තරමට මට බන්ටිට ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා මම ඉන්දියාවෙයි ලංකාවෙයි වැඩ කටයුතු සමබරව කරගෙන යනවා. පාරදිගේ ටෙලිනාට්‍යය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය බවට පත් වුනා.

ආදරේ ගැන මම හිතන්නේ හරි කෙනෙක් ලැබුනොත් ජීවිතේ ලස්සනයි. ඒක මට හරි විදියට කැබුනද කියන්න මම දන්නෙත් නෑ. හැබැයි මම මිනිස්සුන්ගේ සබදතාවලට බයයි. ආදරේ කියන්නේ හිමි වීමට නෙමෙයි එයා කොහේහරි ඉදන් සතුටින් ජීවත් වෙන්නයි ඕන කියලයි මම හිතන්නේ. ‘’

ඉතින් ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ‘සිංහබාහු’ කියන්නේ. හරිම හිත හොද අවංක චරිතයක් තමයි දුෂේනි මියුරංගි කියන්නේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ඇය සිතන ආකාරයෙන්ම ඉටුවෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *