BREAKING NEWS
Search

ලොකු පුතා මාව පරිස්සං කරන්න සමාජ මධ්‍යවල ප්‍රයිවට් දාලා-Mrs Sri Lanka උස්චි පෙරේරා

325

පසුගිය වසරේ හැමෝගේම කතාබහට ලක්වුණු කිරුළක් තමයි Mrs Sri Lanka කිරුළ. එය මේ වසරේ දිනා ගත්තේ උස්චි පෙරේරා.

පසුගිය 31 වැනිදා කොළබ නෙළුම් පොකුණ රඟහලේදී අයට කිරුළු පැලැඳවීමේ උත්සවය පැවැත්වුවා. දැන් හැමෝම මේ අලුත් රූ රැජිණ ගැන අවදානයෙන් ඉන්නේ. ඇය පසුගිය දවසක මාධ්‍යයට අපූරු කතාවක් පවසා තිබුනා.

“මගේ ලොකු පුතාට අවුරුදු 16යි. පොඩි පුතාට අවුරුදු 8යි. පසුගිය 31 වැනිදා තමයි එයාලට තේරුනේ හරියටම මොකක්ද වුණේ කියලා. මගේ ලොකු පුතා මාව සමාජ ජාලාවලින් බ්ලොක් කරන්න හදනවා. එයා දැන් නව යොවුන් වියෙ කෙනෙක්නෙ, යාළුවො එයාට දේවල් කියනවා ඇති. ලොකු පුතා මාව ඉන්ස්ටර්ග්‍රෑම් එකේ ප්‍රයිවට් දාලා තිබ්බා. මම මේ ළඟදි තමයි ඒක දැන ගත්තේ.

පොඩි පුතාට තවම තේරෙන්නේ නැහැ. එයා ලැජ්ජයි. කිරුළු පලඳපු දවසෙ මල් මාලා දාල, මල් කළබවල් දීලානේ අපිව පිළිගත්තේ. දැන් අපිට ආරාධනා කරපු වෙනත් තැන්වලදිත් එයා ඒක බලාපොරොත්තු වෙනවා. එයා අහනවා “මෙතන ඒ සර්විස් එක දෙන්නේ නැද්ද?” කියලා. ඒක එහෙම හැම තැනින්ම දෙන්නේ නෑ කිව්වාම එයා අහනවා “කීයක් හරි දීලා අපිට ඒ සර්විස් එක ගන්න බැරිද?” කියලා. “

Source: saaravita




Leave a Reply

Your email address will not be published. Required fields are marked *