Search

මහින්ද හදිසියේම ජාතික රෝහලට

1981

හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම රෝහලට ඊයේ (11)  පෙරවරුවේ ගොස් ඇත.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනි මහතාගේ තත්වය පිළිබඳව ඔහුගේ  බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග දීර්ඝ වේලාවක් කතාබහ කර  ඇතැයි  දැනගන්නට ඇත.

ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී  පවුලේ සාමාජිකයන්ට  දැනුම්දී ඇත.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *