BREAKING NEWS
Search

ගාලුමුවදොර අරගලකරුවන් ඉවත් වෙයි

249
දින 124 කට පසුව ගාලුමුවදොර අරගලකරුවන් අද එම භූමියෙන් ඉවත් වුණා.

ඒ ආණ්ඩුවට එරෙහිව සම්මුතීන් 7ක් යටතේ කටයුතු කරන බව පවසමින්.

මේ අතර, ගාලු‍ මුවදොර අරගල භූමියෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස පොලීසිය කළ දැනුම්දීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ රීට් පෙත්සම් 4 අද ඉවත් කර ගැනුණා.

මේ අතර කොම්පඤ්ඤවීදීය පොලිසියේ පෙනී සිටින ලෙසට නිකුත් කර තිබූ අධිකරණ නියෝගයක් මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් අද කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණියා.

එසේම, අරගලයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ තරුණයන් පිරිසක් නව ජනතා පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා උපදෙස් ලබා ගැනීම වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවුණා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *