දුම්රිය අවලංගුවීම් ගැන කෙටි පණිවිඩයකින් දැනුම්දීමට යෝජනාවක්

314

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දුම්රිය අවලංගු වීම් සම්බන්ධයෙන් කලින් ආසන වෙන් කරවාගත් මගීන් වෙත කෙටි පණිවුඩයක් හරහා පෙර දැනුම්දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ඉල්ලීමක් කරනවා.

ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිපියක් යොමු කරමින්.

එහි දැක්වෙන්නේ දුම්රියක් අවලංගු වීම සම්බන්ධයෙන් කළින් ආසන වෙන්කරවා ගත් මගීන් දැනුවත්වීම ඔවුන්ගේ අයිතිවාසිකමක් බවයි.

ප්‍රවේශ පත්‍ර මිල ද ඉහළ ගොස් ඇති තත්ත්වයක් හමුවේ දුම්රිය ආසන වෙන් කිරීම් ද වැඩි වී තිබෙනවා.

එහෙත් ඇතැම් විට පෙර දැනුවත් කිරීමකින් තොරව දුම්රිය අවලංගු වීමත් සමඟ මගීන්ගේ පීඩනය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එල්ලවන බවයි අදාළ ලිපියෙහි සඳහන් වන්නේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *