සියලු දෙනාගේ පොදු අරමුණ වන්නේ රට ගොඩනැගීම බවත් ඒ වෙනුවෙන් පෞද්ගලික ලාභ අපේක්ෂාවන් පසෙක තබා එකට එක්විය යුතු බවත්, එය හුදු තනතුරු හුවමාරුවක් නොව කමිටු ක්‍රමය හරහා සක්‍රීයව රට ගොඩනැගීම උදෙසා දායක වන්නක් විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එය සාමූහික සර්ව සර්වපාක්ෂික වැඩපිළිවෙළක් පැවසූ විපක්ෂ නායකතුමා ඊට සියලු පාර්ශව දායක කරගත යුතු බවද පැවසීය.
19 වෙනි සංශෝධනය ගෙනාවේ යහපාලන ආණ්ඩුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා එය නැවත ක්‍රියාවට නංවාලියයුතු බවත් මේ මොහොතේ ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමයට එහා ගිය, නව බලවත් කමිටු ක්‍රමයක් හරහා පාර්ලිමේන්තුව සක්‍රීයව පොදු ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමු කළ යුතු බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
ඊට සියලු පක්ෂ එකතු කර ගැනීම අත්‍යාවශ්‍ය බව කී විපක්ෂ නායකතුමා මේ බරපතළ තත්ත්වයෙන් රට ගොඩ ගත යුතු බවද පැවසීය.
මේ මොහොතේ බල පවත්වා ඇති හදිසි නීතිය වහාම ඉවත් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා සාමාන්‍ය නීතිය රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවද පැවසීය.
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවත්නා මර්දනය වහා නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා නීතිය උල්ලංඝනය කොට ප්‍රචණ්ඩත්වය වැපුරූ පුද්ගලයින් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද පැවසීය.
වෘත්තීය සමිති සිවිල් සමාජ පොදු සමාජ නායකයින් මර්දනය කරමින් සිටින බවත් එය වහා නතර කළ යුතු බව ද පැවසූ විපක්ෂ නායකතුමා ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන බවද පැවසීය.
මේ මොහොතේ අපේ රට වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම වෙනුවෙන් වඩාත් ධනාත්මක ලෙස මැදිහත් වන බව පැවසූ විපක්ෂ නායකතුමා රට ගොඩනැඟීමේ කටයුත්ත වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දෙන බවද පැවසීය.
විශේෂයෙන්ම හුස්ම සහ සක්වල වැඩසටහන් පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකතුමා එය දීප ව්‍යාප්ත මට්ටමින් වඩාත් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පැවසීය.
Source:Mawrata


















